සනත් ජයසූරියගෙන් ‘අරමුණු අත්නොහැරීම’ ගැන ලංකා IOC සේවක කණ්ඩායමට උපදෙස්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඊයේ (06දා) දිනයේදී ලංකා අයිඕසී සමාගමේ සේවකයන් වෙත ධනාත්මක චින්තනය පිළිබඳව දේශනයක් පැවැත් වූ බව වාර්තා වෙයි. එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

ලංකා අයිඕසී සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතාගේ ආරාධනයෙන් මෙලෙස සනත් ජයසූරිය මහතා මෙම අවස්ථාව වෙත සහභාගි වී තිබේ.

ගුප්තා මහතා ඊයේ දිනයේදී සිය ට්විටර් ගිණුම තුළ මෙම ධනාත්මක චින්තනය පිළිබඳ දේශන වැඩසටහන සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

මෙහිදී සනත් ජයසූරිය මහතා ලංකා අයිඕසී සමාගමෙහි සේවක කණ්ඩායම වෙත සිය ජීවිතයේ ඉලක්ක වෙත ළගා වීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමක් සිදු කර තිබේ.

එහිදී ‘කවරදාකවත් උත්සාහය අත් නොහරින්න’ යන තේමාවෙන් මෙම දේශනය පැවැත් වූ බවත්, විශේෂයෙන්ම සැමවිටම ධනාත්මකව සහ ජීවිතය වෙත අවධානය යොමු කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම උපදේශනය සිදු කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකරන බවත් ලංකා අයිඕසී කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 114