සෙංකඩගල ෆිනෑන්ස් වෙතින් රුපියල් 1.40ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම (SFCL.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.40ක ලාභාංශ ගෙවීමක් සිදු කරන බව එම සමාගම සඳහන් කර සිටියි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් පළමු ලාභාංශ ගෙවීම ලෙසද සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලබන සැප්තැම්බර් 21 වැනිදා ලෙස ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශරහිත දිනය (XD Date) සැප්තැම්බර් 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය ඇති බවත් ඒ සඳහා පැවැත්වෙන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 31 වැනිදාපැවැත්වෙන බවත් සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

Visits: 73