තමිල්නාඩුව සහ කන්කසන්තුරේ අතර භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ අනුව නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක්ද ආරම්භ කිරීමට හැකි වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මෙම බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍ය වන ඉන්ධන, පොහොර, කිරිපිටි, ඖෂධ යන භාණ්ඩ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාධාරණ මිළකට ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම බෝට්ටු සේවාව ආරම්භ කිරීමට අවශ්‍ය මුලික වැඩ කටයුතු තමන් විසින් දැනටමත් සිදු කරගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

මේ අතර පළාලි, ත්‍රිචි හා චෙන්නායි නගර අතර මගීන් ගුවන් සේවාවද සැළසුම් සහගතව ජුලි පළමු (01) වන දා සිට ක්‍රියාත්මක කිරීමට  අවශ්‍ය කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇතැයිද සඳහන් වෙයි.

Visits: 66