අද සහ හෙට පෙට්‍රල් බෙදා හැරිම සීමාසහිතව – ඔටෝ ඩීසල් බෙදාහැරීම උපරිමව

අද සහ හෙට දින දෙකේදී පෙට්‍රල් බෙදා හැරීම සීමාසහිතව සිදු කෙරෙන බව ඉන්ධන සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියි. අද පෙරවරුවේදී මෙරටට ළගාවිමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් පැමිනීම දිනකින් ප්‍රමාද වීම ඊට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ඒ අනුව අද සහ හෙට යන දින දෙකේදී පෙට්‍රල් දිවයින පුරා සිදු කරන පෙට්‍රල් බෙදා හැරීම සීමාහිතව සිදු වෙනු ඇතැයි අමාත්‍යවරයා පවසයි. එසේම සුපර් ඩීසල් බෙදාහැරීමත් මේ වනවිට සීමාසහිතව සිදුවන බවත් ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් බෙදාහැරීම උපරිම ධාරිතාවයෙන් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියි.

Visits: 69