සියැට් යතුරු පැදි ටයර් ඉන්දීය පරීක්ෂණ ධාවන පථයකදී තරඟකාරී ටයර් සන්නාම සමඟ සසඳයි

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වැඩිපුරම අලෙවි වන යතුරු පැදි ටයර් මාලාවක කාර්යසාධනය මැන බැලීමක් ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත තරඟකාරී ටයර් යොදා ගනිමින් සිදු කළ බව එම සමාගම පවසයි.

මෙම පරීක්ෂා කිරීමේ කටයුත්ත ඉන්දියාවේ ඉන්ඩෝරේහි, අති නවීන ජාතික රථවාහන පරීක්ෂණ ධාවන පථවල සහ සියැට් ඉන්දියා සමාගමට අයත් හලෝල් වල පිහිටි ආයතනික පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේදී සිදුකළ බව සමාගම සඳහන් කරයි.

මෙහිදී, සියැට් කැළණි සමාගම විසින් නිෂ්පාදනය කළ යතුරු පැදි ටයර් ශී‍්‍ර ලංකාවේ සහ ඉන්දියාවේ ප‍්‍රමුඛතම ටයර් සන්නාම සමඟ සැසඳීම යතුරු පැදි ටයර් වර්ග 05 ක් යොදා ගනිමින් සිදුකරන ලදී. මෙම පරීක්ෂාවේදී හැසිරවීමේ ස්ථාවරත්වය, ධාවනය කිරීමේ පහසුව, කෙලින් ධාවනය කිරීමේදී ස්ථාවරත්වය, කට්ට රටා, සිමීත හැසිරවීම, තිරිංග යෙදීමේදී ස්ථාවරත්වය, වියලි සහ තෙත ධාවන පථවල ධාවනය කිරීමේදී තිරිංග යෙදීමේ දර්ශකය සහ දුරස්ථභාවය යන බහුවිධ ප‍්‍රධාන වටිනාකම් සැලකිල්ලට ගෙන තිබේ.

මෙම පරීක්ෂාවේදී අවසන් පරීක්ෂණ වාර්තාවේ ලකුණු වලට අනුව CEAT 140/70-17 Zoom XL, 90/100-10 Gripp X3, සහ 100/90-17 Gripp ටයර් සමහර ගුණාංග අතුරින් තරඟකාරී ටයර් වලට සාපේක්ෂව ඉහළ කාර්යසාධනයකින් යුක්ත ටයර් ලෙස සනාථ කර තිබෙන අතර අනිකුත් ගුණාංග සැලකීමේදී තරඟකාරී සන්නාම සමඟ සම සමව තිබූ බව සියැට් කැළණි සමාගම පවසයි. මෙම පරීක්ෂාව සඳහා භාවිතා කළ ටයර්  Yamaha FZ, Honda Activa, Bajaj Pulsar, Bajaj Platina සහ Hero HF Deluxe යතුරු පැදි සඳහා භාවිතා කරන ටයර් බව සමාගම සඳහන් කරයි. 

මෙම පරීක්ෂණ කටයුත්ත පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ පැවසීය. ‘අපගේ නිෂ්පාදනවල කාර්යසාධනය මැන බැලීම සඳහා දුෂ්කර ධාවන පථවල ඒවා ධාවනය කර පරීක්ෂා කිරීමේ කටයුතු අපි කලින් කලට සිදුකරනවා. මෙම පරීක්ෂාව සියැට් විසින් අඛණ්ඩව සිදුකරන නිෂ්පාදන සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයේ කොටසක් වන අතර ඒ සඳහා පාරිභෝගික අදහස් සහ පරීක්ෂණ වලින් සොයාගත් කරුණු යොදා ගන්නවා. මෙම අදහස් වලින් යෝජනා කර තිබෙන්නේ ධාවනයට සහ හැසිරවීමට පහසු ටයර් මාදිලි, පොලොවට හොඳින් බදන ටයර් යන අංග යතුරු පැදි ටයර් වලට අවශ්‍යම ගුණාංග බවයි. අපි විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම කරුණු පිළිබඳව සැලකිල්ල දැක්වූවා. මෙම පරීක්ෂණයේ ප‍්‍රතිඵල තුළින් සියැට් නිෂ්පාදනවල සංවර්ධනය සහ කාර්යසාධනය තවදුරටත් වර්ධනය කරනවා. ඒ වගේම, මෙම ප‍්‍රතිඵල සැලකිල්ලට ගනිමින් අලූත් සහ වඩාත් දියුණු කට්ට රටාවන් අපි හඳුන්වා දෙනවා.’   

මෙම නවතම බහුවිධ ප‍්‍රධාන වටිනාකම් පරීක්ෂණ වාර්තාව මගින් සමස්තයක් ලෙස අනාවරණය කර තිබෙන්නේ ප‍්‍රමුඛතම තරගකාරී සන්නාම වලට වඩා සියැට් යතුරු පැදි ටයර් වියලි සහ තෙත පොලොවේදී වඩාත් හොඳින් පොලොව බදා ගනිමින් ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන බවයි. විශේෂයෙන්ම CEAT Gripp සහ Gripp X3 ටයර් මාදිලි වියලි සහ තෙත ධාවන පථ වලදී ධාවනය සහ හැසිරවීම, තිරිංග ස්ථාවරත්වය, සමබරතාවය යන ගුණාංග සැසඳීමේදී අනිකුත් තරඟකාරී ටයර් සන්නාම 02 කට වඩා ඉදිරියෙන් තිබෙන බව හෙළිවී ඇත.

මේ අතර, Zoom XL ටයර් මාදිලිය, ධාවනය සහ හැසිරවීම, තිරිංග ස්ථාවරත්වය, වියලි සහ තෙත ධාවන පථ වලදී පොලොව බදාගැනීම සහ සමබරතාවය අතින් පරීක්ෂණයට යොදාගත් තරඟකාරී ටයර් සන්නාම 02 කට සම බව හෙළිවී තිබේ.

එසේම, මෙම පරීක්ෂණය මගින් හෙළිවී තිබෙන්නේ Secura Zoom සහ Milaze ටයර වල කට්ට රටාවන් තවදුරටත්, ධාවනය සහ හැසිරවීම යන පරාමිතීන් සැලකීමේදී දියුණු කළ හැකි බවයි. ඊට අමතරව, වඩාත් දියුණු කළ Zoom X3 ටයර් රටාව CEAT විසින් හඳුන්වා දුන් අතර එය ධාවනය කිරීමේ සහ හැසිරවීමේ ඉහළ කාර්යසාධනයක් පෙන්වීය. සියැට් විසින් මෙම අංශය සඳහා තවත් නිෂ්පාදනයක් සංවර්ධනය කරමින් සිටින අතර එය ඉහළම කාර්යසාධනයක් ගනු ඇතැයි ඩඞ්ලානි මහතා අනාවරණය කළේය.  

ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය දියුණු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් 2022 වසරේදී ආයෝජනය කිරීමට එකඟවී තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (­­­බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

Visits: 114