අක්බාර් බ්‍රදර්ස් සමාගම සන්ෂයින් හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකාරීත්වය තවත් ඉහළ නංවා ගනී

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඒලසී සමාගමෙහි තවත් කොටස් 45,000ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි පවසයි.

පසුගිය ජූනි 07 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මේ දක්වා අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම සතුව ඇති සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් ප්‍රමාණය කොටස් මිලියන 49.2ක් (49,241,855ක්) දක්වා ඉහළ නැග තිබේ.

මෙය සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 10.01%ක ප්‍රතිශතයක් වන බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී එම කොටස් අත්පත් කරගත් වටිනාකම පිළිබඳව සඳහන් නොවී ඇති අතර, ඊයේ (10දා) වන විට සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 34.00ක් දක්වා ඉහළ නැග තිබුණි.

Visits: 191