LIOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා LIOC ඉන්ධනහල් අලෙවිකරුවන් හමුවෙයි

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම (LIOC) හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා අද දිනයේදී LIOC ඉන්ධනහල් අලෙවිකරුවන් කිහිප දෙනෙකු සමගින් හමුවක් පැවැත්වූ බව පවසයි.

එම අලෙවිකරුවන් අතර පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය වූ බවත්, එම හමුව පිළිබඳව සෑහීමකට පත්වන බවත් ඔහු සඳහන් කරයි.

මෙහිදී ඉන්ධන මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් එම ඉන්ධනහල් අලෙවිකරුවන් ඉහළින් අගය කළ බවත් මනෝජ් ගුප්තා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම හමුව සඳහා LIOC සමාගමේ ඉහල ප්‍රධානීන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත.

Visits: 171