කොමර්ෂල් බැංකුව හා එක්ව EMV 3DS තාක්ෂණය හඳුන්වා දුන් ප්‍රථමයා බවට සෙංකඩගල ෆිනෑන්ස් පත්වෙයි

සෙංකඩගල ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනු කරුවන් වීසා කාඞ්පත් වලින් ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා EMV 3DS වංචා වැලැක්වීමේ තාක්ෂණය කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වාදී තිබෙන අතර මෙරට මූල්‍ය සමාගමක් සඳහා බැංකුව විසින් මෙම තාක්ෂණය හඳුන්වාදුන් පළමු අවස්ථාව මෙය වේ.

Visa Secure සක‍්‍රීය කිරීමත් සමඟ වඩාත් සුරක්ෂිත එක් වරක් පමණක් ඇතුළත් කරන මුරපද (One Time Password) තාක්ෂණය සෙංකඩගල මූල්‍ය සමාගමේ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට ලැබෙන බවත් ඒ තුළින් ගනුදෙනුකරුවන්ට පහසුවත් ඉහළ ආරක්ෂාවත් හිමිවන බව බැංකුව සඳහන් කරයි. කාඞ්පත් නිකුත් කරන අනු සමාගමක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් 3ෘී සේවාව සක‍්‍රීය කළ පළමු අවස්ථාව මෙය වේ.    

EMV 3D ආරක්ෂණය EMVCo විසින් නිකුත් කර තිබෙන ගෝලීය ක‍්‍රමවේද නිර්ණායකයකි. එමගින් අවධානම් පදනම් කරගත් ස්ථීර කිරීමක් සහ බාධාවලින් තොර ක‍්‍රියාවලියක් ලබාදෙන අතරම e-commerce වංචා සහ සනාථ කිරීමේ දුර්වලතාවයන් අවම කරයි. බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඞ්පත්, ඩෙබිට් කාඞ්පත් සහ පෙර ගෙවුම් කාඞ්පත් වලින් සිදුකරන ගෙවීම් ස්ථීර කිරීම සඳහා වීසා සමග එක්ව තාක්ෂණික ඒකාබද්ධතාවයක් ඇතිකර ගත් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුවයි.

මෙම සහතික කිරීමේ ක‍්‍රියාවලිය යටතේ ගනුදෙනුව වලංගු කිරීම සඳහා අවශ්‍ය දත්ත වෙළෙන්දා විසින් කාඞ්පත නිකුත්කළ ආයතනය වෙත යවනු ලබයි. මෙහිදී, අඩු අවධානමක් තිබෙන ගනුදෙනු බාධාවකින් තොරව සක‍්‍රීය කිරීමේ හැකියාව තිබෙන අතර අවධානම් සහිත ගනුදෙනු වලදී ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා කාඞ්පත් හිමියාට කෙටි පණිවුඩ, ආරක්ෂිත ප‍්‍රශ්න වලට පිළිතුරු දීම හෝ ඊ-මේල් පණිවුඩ මගින් අමතර සහතික කිරීමක් කළ යුතුවේ.

Visits: 81