ඉන්දියානු ණය පහසුකම යටතේ තවත් ඩීසල් තොගයක් කොළඹට

ඉන්දියානු ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඉන්ධන යටතේ අද දිනයේදී ඩීසල් තොගයක් කොළඹ වරාය වෙත ලැබුණු බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ නිල ට්විටර් ගිණුම මගින් මේ පිළිබඳව සඳහන් කර ඇත.

මෙහිදී ටොම් හෙල්විග් සමාගමට අයත් නෞකාවක් මගින් මෙම ඩීසල් තොගය මෙරටට රැගෙන විත් තිබෙන බව එහි සඳහන්ව තිබේ. කෙසේ වෙතත් මෙම නෞකාවේ ඇති ඩීසල් තොගය කොපමණද යන්න එහි සටහන්ව නැත.

මේ අතර මේ දක්වා ඉන්දියානු ණය පහසුකම යටතේ ඉන්ධන නෞකා 12ක් යටතේ මෙට්‍රික් ටොන් 400,000කට අධික ඉන්ධන ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇතැයිද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Visits: 60