එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී ලාංකිකයන්ට යළිත් අවස්ථාව

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අධ්‍යාපනය, පර්යේෂණ සිදු කිරීම, තාක්ෂණික සහ අනෙකුත් වෘත්තීමය සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වන ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවක් (Fulbright Scholarship/Fellowship opportunities) මේ වනවිට විවෘත කර ඇතැයි එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම (US-SLFC) නිවේදනය කර සිටියි.

අද දිනයේදී පළවුණු සිළුමිණ පුවත්තෙහි දැන්වීමක් පළකරමින් එම ආයතනය මේ සඳහා වන ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ලෙස සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට දැනුම් දී සිටියි.

මෙහිදී Fulbright Master’s Fellowship Awards, Fulbright Professional Scholar Awards, Fulbright Advanced Research and Lecturing Awards, Fulbright National Archives Heritage Science Fellowship සහ Hubert H. Humphrey Fellowship Awards ලෙස කාණ්ඩ පහක් යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වෙයි.

COVID-19 වසංගතය හේතුවෙන් පසුගිය 2020 – 2021 වසර තුළදී මෙම ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක නොවුණු අතර, දැන් යළිත් එය ක්‍රියාත්මක බව සංවිධායකයන් පවසයි.

Visits: 160