ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසලින් පාකිස්තානු කණ්ඩායම් දෙකක් සඳහා පුහුණු සැසි 7ක්

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල විසින් පාකිස්තානු Gerry’s dnata සහ Airblue කණ්ඩායම් සඳහා Airbus A320 NEO සහ Airbus A330 Level III පුහුණු සැසි 7ක් පසුගියදා සාර්ථකව අවසන් කරන ලද බව පවසයි.

දින අටක පුහුණු සැසියක් ලෙස මෙය පවත්වා තිබේ. එහිදී විද්‍යාලයේ පිළිගත් උපදේශක මණ්ඩලය විසින් ඔවුන්වට දැනුට ලබා දී ඇති අතර, සහභාගිවන්නන්ට ගුවන් සමාගමේ ඉංජිනේරු නඩත්තු මෙහෙයුම් පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල දැනට යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA), මාලදිවයිනේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (MCAA) සහ පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (PCAA) සහ ශ්‍රී ලංකාව (CAASL) යන ආයතනවල අනුමැතිය ලබා ඇති පුහුණු පාසලකි. මෙහි වසර ගණනාවක් පුරා පකිස්ථානු ගුවන් සේවා වෘත්තිකයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් සඳහා ගුවන් යානා නඩත්තු පුහුණුව ලබා දී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල මෑතකදී පාකිස්තානයේ දෙවන විශාලතම ගුවන් සේවය වන Airblue වෘත්තිකයන්ගේ කණ්ඩායම් කිහිපයක් සඳහා පුහුණු කටයුතු ලබාදෙන ලදී. ශ්‍රී ලංකාවේ ශ්‍රීලංකන් ගුවන් යානා නඩත්තු කිරීමේ පහසුකම සහ පුහුණුව ලබා දීම සඳහා උපදේශකයින් විසින් පකිස්ථානයේ කරච්චි හි පිහිටි පුහුණු මධ්‍යස්ථානය වෙත යන ලදී. Gerry’s dnata කණ්ඩායම ගොඩබිම් හැසිරවීම, භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක සහ ගුවන් සේවා සපයන ලොව විශාලතම ගුවන් සේවා සපයන්නන්ගෙන් එකක් වන අතර ඔවුන් සඳහා ලබා දුන් පුහුණුව කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය. “අපේ උපදේශකවරුන්ට ශ්‍රීලංකාවේ සහ පාකිස්තානයේ සිසුන් පුහුණු කිරීමට අවස්ථාව ලැබීම මෙන්ම Airblue සහ Gerry’s dnata වෙත අපගේ පුහුණු සේවා සැපයීමට ලැබීම පිළිබඳ අතිශයින්ම සතුටට කරුණක්. පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සම්පුර්ණයෙන්ම පිළිගත් අධ්‍යාපන ආයතනයක් ලෙස, පාකිස්ථානයේ පුද්ගලයන්ට සහ සංවිධානවලට පුළුල් පරාසයක පුහුණු වැඩසටහන් සැපයීමට අපි සම්පුර්ණයෙන්ම සූදානමින් සිටිනවා.” යැයි ද හෙතම පැවසීය.

අනාගතයේ දී ගුවන් යානා 37,400ක් එකතු කිරීමත් සමඟ ඉදිරි වසර 20 තුළ ලෝක ගුවන් බලඇණිය දෙගුණයකටත් වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් යානා පුහුණු පාඨමාලා රැසක් පිරිනමමින් සහ ගුවන් යානා නඩත්තු පුහුණුව සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පුහුණු පාසල සූදානම්ව සිටියි.

සෑම වසරකම පාසලට ඇතුළත් වන ජාත්‍යන්තර සිසුන්ගේ වර්ධනය ඉහල ගොස් ඇති අතර පුහුණුවේ ගුණාත්මකභාවය සහ එය ලොව පුරා ලබා ඇති කීර්තිය පිළිබඳ එය ඉතා හොද සාක්ෂියකි.

Visits: 97