චීනයේ බාවු ස්ටීල් සමූහ ව්‍යාපාරය හම්බන්තොට ආයෝජනයකට සැරසෙයි

වානේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන චිනයේ බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

චිනයේ අන්හුයි හි මා’ අන්ෂාන් පළාතේ මෙම බාවු ස්ටීල් සමූහ ව්‍යාපාරයේ කාර්යාලය පිහිටා තිබේ. පසුගියදා ඒ වෙත පැමිණි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, මෙරට පවත්නා ආයෝජන විභවයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ. එහිදී  ඒ මහතා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හමු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශය තුළ සැලකිය යුතු ආකාරයේ ආයෝජනයක් සිදු කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්, බාවු ස්ටීල් සමාගම විසින් සකස් කිරීමට නියමිතව ඇතැයිද බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Visits: 151