LB Finance රු.බිලියන 4කට Multi Finance හි 64.62%ක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LB Finance PLC සමාගම අද දිනයේදී ලැයිස්තුගත තවත් මුල්‍ය සමාගමක් වන Multi Finance PLC සමාගමෙහි කොටස් අතරින් 64.62%ක ප්‍රතිශතයක් මිලදී ගැනිම සිදු කළ බව පවසයි.

1995 (2003 සංශෝධිත) සමාගම් අත්පත් කරගැනිම සහ ඒකාබද්ධ කිරීමේ වගන්ති අංක 36 යටතේ මෙම ගනුදෙනුව සිදු කෙරුණු බව LB Finance PLC සමාගම සඳහන් කර සිටියි.

මෙහිදී LB Finance සමාගම මගින් Multi Finance PLC හි කොටස් 41,110,075ක් මිලදී ගෙන ඇති අතර රුපියල් 9.70ක් සහ 9.80ක් යනාදී වටිනාකම් යටතේ එම මිලදී ගැනිම සිදුව තිබේ. ඒ අනුව මෙම කොටස් අතරින් කොටස් 28,787,350ක් රුපියල් 9.70ක් බැගින්ද, කොටස් 12,322,725ක් කොටසක් රුපියල් 9.80ක් බැගින්ද මිලදී ගෙන තිබේ.

මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 4ක් ලෙස සටහන්ව තිබේ.

LB Finance PLC සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වූවකි. Multi Finance PLC සමාගම ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් වෙයි.

බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු වේගවත් කිරීමේ මූලික සැලසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින්ද මෙම සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

Visits: 364