RAID AMAZONES තරගකාරියන් සීගිරියේ අරලිය රිසෝට් ඇන්ඩ් ස්පා වෙත

ශ්‍රී ලංකාවේ සීගිරිය ආශ්‍රිතව සංවිධානය කෙරෙන වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරගාවලිය සඳහා සහභාගි වන තරගකාරියන් පසුගියදා සිය පළමු ගමනාන්තය ලෙස පසුගියදා සීගිරියේ අරලිය රිසෝට් ඇන්ඩ් ස්පා වෙත පැමිණි බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Raid Amazones යනු ප්‍රංශයෙන් ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වකි. සාමාන්‍යයෙන් ප්‍රංශ ක්‍රීඩිකාවන් විදේශීය සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන, බයිසිකල් පැදීම, ධාවනය,  ඔරු පැදීම, දිවීම සහ දුණු ශිල්පය වැනි අභියෝග රාශියකට මුහුණදීම මෙහිදී සිදුවේ.

මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංකේතාත්මක සීගිරි පර්වත බලකොටුව අවට ප්‍රදේශ මූලික කර ගනිමින් තරඟය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සීගිරිය සහ මාතලේ ඓතිහාසික, සංස්කෘතික හා පාරිසරික දර්ශන අත්විඳමින් , සාමාජිකයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් බෙදී අදියර දෙකක් යටතේ තරඟකරුවන් 550 කට අධික පිරිසක් මෙවර තරඟ කිරීමට අපේක්ෂා කෙරේ.

Visits: 172