ශ්‍රී ලංකාවේ පළමුවරට රස 60ක් සමගින් Akinra Ice Cream හි 10 වැනි අලෙවි හල තලවතුගොඩට

ඉතාමත් කෙටි කලකදී අයිස්ක්‍රීම් රසවතුන් අතර ඉහළ ජනප්‍රියත්වයකට පත්වීමට සමත්ව සිටින Akinra Ice Cream අලෙවි සැල් ජාලයේ 10 වැනි අලෙවිහල, මාර්තු 05 වැනිදා (සෙනසුරාදා) තලවතුගොඩ ‘Richro’ අවන්හලේදී විවෘත කරන බව Akinra Ice Cream (පෞද්) සමාගම පවසයි.

නවතම හඳුන්වාදීම්ද සමගින් ශ්‍රී ලංකාවේ පළමුවරට රස වර්ග 60කින් සමන්විතව, එම සන්නාමය යටතේ මෙතෙක් පිහිටුවන විශාලතම අයිස්ක්‍රීම් අලෙවි හල ලෙස මෙම තලවතුගොඩ Akinra Ice Cream අලෙවි හල විවෘත කිරීම විශේෂත්වයයි.

කිසිදු කෘත්‍රිම රසකාරක හෝ කෘත්‍රිම වර්ණක යොදා ගැනීමකින් තොරව, 100%ක්ම ස්වාභාවික පළතුරු සහ නැවුම් එළකිරි යොදා ගනිමින් මෙම Akinra Ice Cream නිෂ්පාදනය කිරීම එහි ජනප්‍රියත්වයට හේතුව වී තිබේ.

2020 සැප්තැම්බර් මාසයේදී රස වර්ග 20කින් සමන්විතව මොරටුව, කොරළවැල්ලේ පිහිටවූ Akinra Ice Cream අලෙවි හල Akinra අයිස්ක්‍රීම් සන්නාමයේ ආරම්භයයි. ඉන්පසුව 2021 පෙබරවාරි මාසයේදී රසවර්ග 35කින් සමන්විතව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි රජවාස සාප්පු සංකීර්ණයේදී Akinra Ice Cream අලෙවි හලක් විවෘත විය.

ඒ අනුව ගත වූ වසර එකහමාරක කාලය තුළදී මොරටුව, නාරාහේන්පිට, කලුතර, දික්වැල්ල, රත්නපුර, බිබිල, මඩකලපුව, වෙන්නප්පුව, මාදිවෙල සහ තලවතුගොඩ යනාදී ලෙස අලෙවි සැල් 10ක් අයිස්ක්‍රීම් පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත කරන්නට Akinra Ice Cream (පෞද්) සමාගමට හැකියාව ලැබී තිබේ.

සිය අයිස්ක්‍රීම් නිෂ්පාදන සම්බන්ධයෙන් Akinra Ice Cream (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂිකා ලක්ෂිකා ප්‍රනාන්දු මහත්මිය අදහස් දක්වමින්, “අයිස්ක්‍රීම් රසවතුන් වෙත විවිධ රස වර්ගවලින් අයිස්ක්‍රීම් ඉදිරිපත් කිරීම අපේ සමාගම මේ දක්වා ලැබූ සාර්ථකත්වයේ රහසයි. මේ නිෂ්පාදන සඳහා අපි සැම විටම යොදා ගන්නේ නැවුම් එළකිරි සහ නැවුම් පළතුරු පමණයි. කිසිම ආකාරයක රසකාරක හෝ වර්ණක අපි යොදා ගැනීමක් සිදු කරන්නේ නෑ. ඒ නිසාම පාරිභෝගිකයන් තුළ අපේ නිෂ්පාදන කෙරෙහි විශ්වාසය ඉතාමත් ඉහළින් තිබෙනවා.” යනුවෙන් පැවසුවාය.

මෙහිදී Akinra Ice Cream නිෂ්පාදන සඳහා සිදු කරන සියලුම නවෝත්පාදන හඳුන්වාදීම් සිදු කිරීම එහි ප්‍රධාන සූපවේදී කලන ප්‍රනාන්දු මහතා අතින් සිදු වෙයි.

එසේම සියලුම නිෂ්පාදනවල තත්ත්ව පරීක්ෂා කිරීම් සහ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සියල්ලම යාපනයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයේ විද්‍යාගාර තුළදී සිදු කෙරෙන බවත් Akinra Ice Cream (පෞද්) සමාගම පවසයි.

Akinra Ice Cream (පෞද්) සමාගමේ විධායක අධ්‍යක්ෂිකා ලක්ෂිකා ප්‍රනාන්දු මහත්මියවැඩිදුරටත් අදහස් දක්වමින්, “අපිට අද ඕනෑම පළතුරකින්, එළවලුවකින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම වරකා, මාදම්, වෙරළු වැනි පළතුරුවලින් වගේම කැරට් බීට්රූට් වැනි එළවලු යොදා ගෙනත් අපි අයිස්ක්‍රීම් නිෂ්පාදන දැනටමත් අපි පාරිභෝගිකයන්ට ලබා දීලා තිබෙනවා. ඉදිරියේදී නව අවුරුද්ද ඉලක්ක කරගනිමින් බුරියානු මසාලා සහ ෂායි ටී මසාලා වගේ රස වර්ගත් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා.” යනුවෙන්ද සඳහන් කළාය.

අද වනවිට Akinra Ice Cream නිෂ්පාදන මිලිලීටර් 250, මිලිලීටර් 500, ලීටර් 1 සහ විවිධ රස වර්ග කිහියකින් සමන්විත වන ලෙසත් මිලදී ගැනීමේ හැකියාව පවතී. එසේම Waffle Corn සහ Waffle Tubs ලෙසින්ද Akinra Ice Cream ලබා ගත හැකිය. මීට අමතරව සිය නිෂ්පාදන නිවෙස් වෙතම ගෙන්වා ගැනීමේ පහසුකම්ද Akinra Ice Cream (පෞද්) සමාගම අද වනවිට පාරිභෝගිකයන් වෙත ලබා දී තිබේ.

මේ කාරණාවලට අමතරව නවමු හඳුන්වාදීමක් ලෙස විශේෂ උත්සව අවස්ථාවන් සඳහා ඡායාරුප සහ සුභපැතුම්ද සහිතව අයිස්ක්‍රීම් ඉදිරිපත් කිරීමටත් සිය අයිස්ක්‍රීම් අලෙවිහල් හරහා කටයුතු යොදා ඇතැයිද Akinra Ice Cream (පෞද්) සමාගම පවසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0773 710931 ඇමතීමෙන් ලබා ගත හැකිය. එසේත් නැත්නම් www.akinraicecream.lk වෙත පිවිසෙන්න.

Visits: 787