SAMSUNG හි Galaxy S22 5G කාණ්ඩය සුවිශේෂී දීමනා සමඟින් පෙර ඇණවුම් භාරගැනීම අරඹයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 5G කාණ්ඩය නොමිලේ Galaxy Buds හා free Data වැනි සුවිශේෂී දීමනා සමඟින් පෙර ඇණවුම් භාරගනු ලබන බව නිවේදනය කර ඇත.

Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංගල pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G සමන්විත වේ.

ඉතා ආකර්ෂණීය මෙන්ම මනා හැඩයකින් හා තිරසාරභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරමින් නිර්මාණය කර ඇති Galaxy S22 5G හි advanced intelligent imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාව ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කරනු නොඅනුමානය. එමෙන්ම Galaxy S22 5G කාණ්ඩය ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශය සහිතව හඳුන්වා දී තිබීම විශේෂිතය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ”Galaxy S22 5G යනු නිමක් නැති ගමනක් වෙත ඔබ රැගෙන යන වේදිකාවක්. සැම්සුන් හි, අපි එය ඉතා අගය කොට සලකනවා. අද්විතීය pro-grade කැමරාවල සිට විනෝදාස්වාදය දක්වා Galaxy S22 5G කාණ්ඩය පරිශීලකයින්ට ඔවුන් හඹා යන ජීවිතයේ සෑම ආශාවක්ම අභිබවා යාමට ප‍්‍රයෝජනවත් මාර්ග ලබා දීමට බලපොරොත්තුවෙන් සිටිනවා. අපගේ මෙම නවතම premium ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට සිටින සැම්සුන් Galaxy smartphone ලෝලීන්ට ඉතා උසස් අත්දැකීම් ඉතා වැදගත් එක් ප‍්‍රධාන device එකක් මගින් ලබා දෙනු ඇත. Galaxy S22 මෙරට smartphones අනාගතය නව පරිවර්තනයක් කරා නිසැකවම ගෙන යනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.

Galaxy S22 Ultra 5G: සැම්සුන් හි දැනට ඇති වඩාත් ප‍්‍රබලතම දුරකතනය

Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය අප මෙතෙක් නිර්මාණය කර ඇති වේගවත්ම හා වඩාත් ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන සුළු S Pen එක ලෙස හඳුන්වා දිය හැකිය. 70%ක අවම latency හැකියාව සමඟින් S Pen මගින් ඔබට ඔබගේ S22 Ultra 5G හි පුළුල් තිරය මත පහසුවෙන් ලිවීමට හා ඇඳීමටත් අළුත් apps පිළිබඳව ගවේෂණය කිරීමට හැකිය. තවද S Pen සමඟින් Galaxy Note කාණ්ඩයේ උරුමය වැළඳගන්නා අතරතුර නිර්මාණශීලී වීමට හා  අළුත් දේවල් කිරීමට නව මාර්ග විවෘත කරයි. එමගින් අන් කවරදාවත් නොවිඳි ආකාරයේ ජංගම දුරකතන අත්දැකීමක් ඔබ වෙත රැගෙන එයි.

Galaxy S22 5G කාණ්ඩය : දිවා රෑ දෙකෙහිම සුපැහිදිලි ඡායාරුප හා වීඩියෝ

Galaxy S22 Ultra 5G 2.4um pixel sensor සහිතව නිර්මාණය කර ඇති බැවින් ඕනෑම ආලෝක තත්වයක් යටතේ සුපැහැදිලි ඡායාරූප හා වීඩියෝ සැණෙකින් ලබා ගැනීමේ හැකියාව නොමදව ලබා දෙයි. සැම්සුන් ජංගම දුරකතනයක මෙතෙක් පැවැති විශාලතම pixel sensor එක වන මෙමගින් ඔබ කැමති ආකාරයේ විශිෂ්ට ඡායාරූප හා වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් එහි ඇති Super Clear Glass කැමරා lens හේතුවෙන් වඩා පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට මෙන්ම රාත‍්‍රී කාලයේදී සුපැහැදිලි වීඩියෝ ලබා ගැනීමටද උපකාර වනු ඇත. Galaxy S22 Ultra 5G හි Auto Framing තාක්ෂණය හේතුවෙන් ඔබ මිතුරන් සමඟ වීඩියෝ ගැනීමේදී පුද්ගලයන් 10 දෙනෙකු සිටියද එහි කැමරාවේ focus එක ස්වයංක‍්‍රීයව වෙනස් වන නිසා ඔබේ කැමරාව පැහැදිලිව ඒ සෑම කෙනෙකුම ග‍්‍රහණය කරගනී. තවද වැඩි Zoom අවකාශය හා quadruple-lens සහිත කැමරාව සමඟින් Galaxy S22 Ultra 5G සැම්සුන් smartphone අතර ප‍්‍රබලතම කැමරාව බව යළි යළිත් තහවුරු කරනු ඇත.

Galaxy S22 Ultra 5G සහ S22 5G සතු Nightography විශේෂාංගය තුළින් දිවා කාලයේ මෙන්ම රාත‍්‍රී කාලයේදී සිදු කරන වීඩියෝ කිරීම්හිදී සුපැහැදිලි වීඩියෝ ලබා ගැනීමට ඔබට ඉඩ සලසා දී ඇත්තේ ඉදිරිපස හා පසුපස කැමරා දෙක තුළින්ම වඩාත් සමීප ඡායාරූප ලබා ගැනීමේ නව වැඩි දියුණු කිරීම්ද සමගිනි.

මෙහිදී Galaxy S22 5G සතුව S21 ට වඩා 23% larger sensor එකක් ඇති නිසා කැමරාව වෙත අඳුරු ආලෝක තත්වයක් යටතේ වුවද වැඩි ආලෝකයක් ලබා දීමටත් ඡායාරූප හෝ වීඩියෝ ගත කරන වස්තුවේ සියලූ විශේෂාංගයන් මෙන්ම වර්ණයන් මනාව ග‍්‍රහණය කර ගැනීමටත් ඊට හැකියාව ඇත.

50MP තරම් ප‍්‍රබල ප‍්‍රධාන කැමරාවකින් සමන්විතව එන Galaxy S22 5G 30X zoom කළ හැකි 10MP telephoto lens, 12MP ultra-wide lens එකකින් යුක්ත වන බැවින් සැණෙකින් සුපැදිලි ඡායාරූපයක් ලබා ගැනීමට හැකිවනු ඇත. උසස් VDIS තාක්ෂණයෙන් බලගැන්වුනු මෙම devices දෙකම vibrations අවම කරයි. එනිසා ඔබ ගමන් කරන විටදී පවා ඔබට සුමට, සුපැහැදලි දසුන් ලබා ගත හැකිය.

පෙර ඇණවුම් කරනු ලබන Galaxy S22 Ultra 5G (12/256 GB) වර්ගයේ දුරකතනයක මිල රුපියල් 319,999 ක් වන අතර Phantom Black, Burgundy හා Green වර්ණයන්ගෙන් එය ලබා ගත හැකිය. පෙර ඇණවුම් කරනු ලබන Galaxy S22 5G (8/256GB) වර්ගයේ දුරකතනයක මිල රු. 229,999ක් වන අතර Phantom Black, Pink Gold, Phantom White හා Green වර්ණයන්ගෙන් එය ලබා ගත හැකිය.

Galaxy S22 Ultra 5G පෙර ඇණවුම් සඳහා සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds2 හා 200 GB නොමිලේ Dialog data ලබා දෙනු ලබන අතර Galaxy S22 5G පෙර ඇණවුම් කරනු ලබන පාරිභෝගිකයින්ට සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds Live හා 150 GB නොමිලේ Dialog data පිරිනමනු ඇත.

තවද Galaxy S22 Ultra 5G හෝ Galaxy S22 5G පෙර ඇණවුම් කරනු ලබන පාරිභෝගිකයින්ට OneDrive වලට මාස 6ක් සඳහා 100GB, මාස 6ක් සඳහා Spotify premium subscription සහ Adobe Photoshop Lightroom හා Adobe Creative Cloud Express වලට සුවිශේෂ දීමනාවක් ද හිමි වේ.

Visits: 75