ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී මගින් රුපියල් 1.25 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.25ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු වන බව ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සඳහන් කරයි.

මෙය 2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම පවසා සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 18 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අප්‍රේල් 28 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 18.00ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 18.90ට සාපේක්ෂව ශත 90ක එනම් -4.76%ක අඩුවීමකි.

Visits: 113