“ආණ්ඩුව දැන් ඉන්ධන ආනයනය කරන්නේ මොබයිල් එකට රීලෝඩ් දාන ක්‍රමයට” – පා.මන්ත්‍රී ඉරාන්

“ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ මොබයිල් එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට. රී ලොඩ් ක්‍රමේට තෙල් ගන්නකොට ජනතාවට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ පැකට්ටු ක්‍රමේට. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණෙට අපිට ගන්න බැරි තත්ත්වයක් සමහර පැතිවල නිර්මාණය වෙලා තිබෙනවා.” යැයි පාර්ලිමෙනිතු මන්ත්‍රී ඉරාන් විකරමරත්න මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

රට තුළ පවත්නා වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල් තබන විවාදයක් විපක්ෂය වෙනුවෙන් යෝජනා කරමින් එහි විවාදය ආරම්භ කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා කත කළේය. එහිදී වැඩි දුරටත් කතා කළ මන්ත්‍රී වරයා මෙසේ ද කීය.

“දැන් රට දුවන්නේ කොයි වෙලාවේ නවතීද දන්නේ නැති ප්‍රශ්නෙක. අද වාහනයක් අරන් එලියට බහින්න බෑ. තෙල් තිබුණොත් යන්න පුළුවන්. නැත්නම් අතරමඟ ඉන්න වේවි. මේ වෙනතුරු විදේශ විනිමය අර්බුදයට හරි විසඳුමක් ගැන කතාවක්වත් පටන් ගන්න බැරි වෙලා තිබෙනවා. හැමදාම ගෙදර ඇතුළේ විසඳුම් ගැන කතා කරනවා. කට ඇරියොත් මහ බැංකු අධිපති කියන්නේ ඩොලර් ප්‍රශ්නයක් නෑ කියල. ඒ අයට ප්‍රශ්න නැතිව ඇති ඒත් රටට ප්‍රශ්නයක්.

අද මේ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ මුළු රටම මහත් අවදානම් සහගත බිහිසුණු අවිනිශ්චිතභාවයකට පත්ව සිටින අවස්ථාවක. අද රට මුහුණ පා සිටින තත්ත්වය ඇති නැති හැම පවුලකම පොඩි දරුවා ගේ ඉඳන් බඩට, ඇඟෙට දැනෙන ප්‍රශ්නයක්. අද සල්ලි තිබුණත් දරුවට කිරි පැකට් එකක් ගන්න නෑ.

අනෙක් පැත්තෙන් සමස්ත සමාජයම ලොකු පීඩනයකට පත්ව සිටින අවස්ථාවක්. මේ හැම දේකින්ම දැනෙන්නේ රටේ ආර්ථිකය 70-77 කාලෙන් පස්සේ මේ තරම් බරපතල වින්නැහිකයට අපි පත් වෙලා නැති බවයි. ඒක මේ ආණ්ඩුවේ ලොක්කන්ටයි ගජ මිතුරන්ටයි හැරෙන්න කාටත් දැනෙන වින්නැහියක්. මේ ගැන තවත් කවර කතාද ?

ආර්ථිකය ගැන චක්‍රවර්ති තමන් කියල හිතාගෙන වැඩ කරන මහ බැකු අධිපතිතුමා දැන් මොකද කියන්නේ. ඔහු කියනවා බැංකුවලට තෙල් සංසථාවට ණයට දෙන්න එපා’ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන කියලd’ මේ කතාවේ ලොකු ගැඹුරක් තිබෙනවා’ ඔහු මේ ඉඟි කරන්නේ රටේ බැංකු පද්ධතියත් කඩා වැටෙන්නට යන බවටද.

මහ බැංකු අධිපති ඇමතිකම අතහැරල මහ බැංකු මහ පුටුවේ ඉඳගෙන හය මාසෙක අර්ථික මාර්ග සිතියමක් ඉදිරිපත් කළා. දැන් ඒ කාලේ ගත වෙලා ඉවරයි. රට ආර්ථිකය ප්‍රපාතයකටයි තල්ලු වෙන්නේ. මහ බැංකු අධිපති ම රටේ ආර්ථිකය දුවන්න අත්‍යවශ්‍ය වන ඉන්ධන ගෙන්වන්න බැංකුවලට සල්ලි දෙන එක ගැන නියෝග කරන තැනට ඇවිත්. බැංකු පද්ධතිය කඩා වැටීම ගැන අනතුරු අඟවනවා.
මේ මාර්ග සිතියම තිබෙන්නේ ප්‍රපාතයට රට ගෙන යන්නටද කියල අද අපට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. අද සාමාන්‍ය ජනතාව පවා අන්ද මන්ද වෙලා ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නේ මේ අය මේවා කරන්නේ අවසිහියෙන්දවත් ද කියල.
රට එන්න එන්නම හිඳෙනවා. පාරවල්වල ඉන්ධන පෝලිම්. විදුලි බලාගාරවලට තෙල් නැතිව වැහෙනවා. මේ වනවිට ආර්ථිකයට බරපතල පාඩුවක් කරමින් විදුලිය කප්පාදුවකට යන තරමට ආණ්ඩුව ලැජ්ජා නහර කපාගෙන තිබෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මන්ත්‍රීවරයා, “ඇණවුම් කළ නැව් මුහුදේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුව දැන් ලංකාවට අවශ්‍ය ඉන්ධන ගන්නේ අර මොබයිල් එකට රී ලෝඩ් එකක් දානවා වගේ ඩොලර් ටිකක් දානවා තෙල් ටිකක් ගන්නවා. දැන් රට තෙල් ගන්නේ රී ලෝඩ් ක්‍රමේට. රී ලොඩ් ක්‍රමේට තෙල් ගන්නකොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ පැකට්ටු ක්‍රමේට. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණෙට අපිට ගන්න බැරි තත්ත්වයක් සමහර පැතිවල නිර්මාණය වෙලා තිබෙනවා.

ජනාධිපතිතුමා ගේ සෞභාග්‍ය යේ දැක්මට අනුව 2030 වන විට රටේ විදුලිය උත්පානයෙන් සියයට 70ක් පුනර්ජජනීය විදුලිය නිපදවීමට ඉලක්ක කර තිබෙනවා. ඒත් කියන්න ලැජ්ජයි. වතුර ප්‍රශ්නය නිසා ජල විදුලිය සීමා කර තිබෙන පසුබිමක දැන් විදුලිය ජනනය සියයට 70කට ආසන්න පුමාණයක් ගන්න වෙලා තිබෙන්නේ ඛනිජ තෙල්වලින්. ඒ තෙල් ගන්න ඩොලර් නැති නිසා අපිට දැන් විදුලියත් නෑ. සල්ලිත් නෑ. රටේ ආර්ථිකයකුත් නෑ.

මේවා ආණ්ඩුවේ ඉන්න තමුන්නාසේලාට දැනෙන්නේ නෑ. ඇයි මේවට විසදුම් නැත්තේ? අපි මේ තරම් ෆේල් වෙන්නේ ඇයි? මේකෙන් ෆේල් වෙන්නේ සර් විතරක් නෙවෙයි. සර් නම් දැන් ෆේල් වෙලා ඉවරයි. මේ ෆේල් තීන්දු ගන්න ෆේල් දැක්ම නිසා මුළු සමාජයම බරපතල අර්බුදයකට තල්ලු වෙනවා.

බලශක්ති ඇමතිතුමාම කියනවා නම් එදා තෙල් නැවක් ආවම ඊට අදාළව කරන ගෙවීම් ගැන තීරණය ගන්නේ පෙට්‍රෝලියම් එකෙයි බැංකුවෙයි මැනේජර්ලා දෙන්නෙක් එකතු වෙලා. නමුත් අද මේ තීරණේ ගන්න අද ජනාධිපතිටයි ඇමතිටයි මැදිහත් වන තරමට තත්තවය අර්බුදයකට ලක්වෙලා කියල. තව මොනවද ?

එයින් පේනවා රටේ ආයතනවල කළමනාකරණයකුත් නෑ, රටේ කළමනකරණයකුත් නෑ. මේක විපත්තිදායක තත්ත්වයක්.
එදා විපක්ෂය ජනතාවට බොරු ගෙතුවේ ඇන්දුවේ කොහාමද? අපේ රජය කාලේ ජනතාවටත් අමාරුවක් නැති රටේ ආර්ථිකයටත් බරත් නැති විද්‍යාත්මක මිල සූත්‍රයක් ගෙනවා.ඒක විනිවිද පෙනෙන සුළුයි. ඒක කොච්චර සමච්චලයකට ලක් කළාද ?

සමහර නායකයො කියන අය කිව්ව මෙහෙම මිල සූත්‍රයකින් මිල පාලනය කරනවා නම් මොකට ද ආණ්ඩුවක් කියල. ඒත් එහෙම කියපු අය මේ මිල සූත්‍රය හොඳයි කියනවා. මේ වැඩවල නිසි විනිවිද පෙනෙන සුළු භාවයක් තිබුණා.” යනුවෙන්ද සඳහන් කළේය.

Visits: 65