ප්‍රංශ තානාපතිවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (BOI) සභාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ලැවෙර්ටු එරික් මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී එහි සභාපති ඉංජිනේරු රාජා එදිරිසූරිය මහතා හමු වූ බව පවසයි.  

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

පසුගිය ජනවාරි 31 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත් වුණු වඩාත් සාර්ථක යුරෝපා සංගම්/ශ්‍රී ලංකා ආයෝජක සංවාදයෙන් අනතුරුව මෙම හමුවීම සිදු වුණු බවත්, මෙහිදී වඩාත් සාර්ථක සාකච්ඡාවක් සිදු වූ බවත් තානාපතිවරයා සඳහන් කර තිබේ.

එසේම ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් වන BOI රෙගුලාසීන් ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණි බවත් ප්‍රංශ තානාපති ලැවෙර්ටු එරික් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 62