නිවාස සහ මහල් නිවාසවල මිල ගණන් 2021 සිව්වැනි කාර්තුවේදී මෙතෙක් පැවැති ඉහළම මට්ටමටකට

2020 සිව්වැනි කාර්තුව හා සසඳන විට 2021 සිව්වැනි කාර්තුවේදී මෙරට නිවාසවල සහ මහල් නිවාසවල සමස්ත විකුණුම් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි LankaPropertyWeb හි නිවාස මිල දර්ශකයේ (HPI) 2021 වසරේ සිව්වැනි කාර්තුව (Q4) සඳහා වන නවතම නිකුතුවේ දත්ත මගින් පෙන්වා දෙයි.

ඒ අනුව නිවාසවල සමස්ත විකුණුම් මිල 22.53% කින් සහ මහල් නිවාස සමස්ත විකුණුම් මිල 17.68% කින් ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි. මෙහිදී LankaPropertyWeb හි ලැයිස්තුගත කිරීම් සඳහා ඉල්ලුම් කරන මිල ගණන් මේ  මත මෙම වටිනාකම් පදනම් ව ඇතැයිද වෙබ් අඩවිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ (කොළඹ හැර) නේවාසික ඉඩම් මිල 2020 සිව්වැනි කාර්තුවේ සිට 14.76% කින් අඩු වී ඇත. එසේම මධ්‍යම පළාතේ සහ දකුණු පළාතේ ඉඩම් පිළිවෙලින් 22.6% සහ 19.4% කින් ධනාත්මක වර්ධනයක් දක්නට ලැබී තිබේ. විශේෂයෙන්ම කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ කොටසක් නොවැම්බර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමත් සමඟ මෙම ප්‍රදේශයේ නේවාසික ඉඩම් සඳහා ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ නගරයේ විකිණීමට ඇති ඉඩම්  2020 සිව්වැනි කාර්තුවේ සිට 2021 සිව්වැනි කාර්තුව දක්වා වටිනාකම්හි  3.5% ක සුළු වැඩිවීමක් දක්නට ලැබී ඇත. උතුරු පළාතේ ඉඩම්වල විකුණුම් මිල 2020 සිව්වැනි කාර්තුව හා සසඳන විට 45.1% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ.

ඒ අනුව LankaPropertyWeb මගින් 2012 වසරේදී මෙම House Price Index දර්ශකය හඳුන්වාදීමෙන් පසු  2021 සහ 2020 සිව්වැනි කාර්තුවේදී නිවාස හා මහල් නිවාසවල මිල ඉහළම අගයක් ගන්නා බව මෙහිදී පැහැදිලි වන බවත් වෙබ් අඩවිය පවසයි.

විශේෂයෙන්ම කොළඹ නිදන කාමර 3 ක් සහිත නිවසක විකුණුම් මිල ඉහළ යාමත් සමඟ මහල් නිවාසවල වටිනාකම  24.11% කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව නාගරික ප්‍රදේශවල මහල් නිවාස වල  ජීවත්වීමේ ප්‍රවණතාවය වර්ධනය වන බව මෙයින් පෙන්නුම් කර ඇත. මීට අමතරව, වැඩිවන ඉදිකිරීම් පිරිවැයත් සමඟ, නව නිවසක් ගොඩ නැගීමට පසුබට වන අතර මහල් නිවාස මිලදී ගැනීමට වැඩි රුචියක් දැක්වීමක්ද පෙන්නුම් කරයි.

“2021 ආරම්භයේ සිට, විදුලි කේබල, PVC පයිප්ප සහ වානේ වැනි ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල අඛණ්ඩව ඉහළ ගිය අතර සිමෙන්ති හිඟයක් සහ ඒවායේ මිල ඉහළ යාමක් විශේෂයෙන් 2021 අවසානය දක්වා දක්නට ලැබුණි. එහිදී තමන්ගේම නිවසක් තැනීමට අදහස් කළ රගෙන සිටි පිරිස් අතර පවා පසුගිය මාස කිහිපය තුළ මහල් නිවාස සඳහා ඇති ඉල්ලුම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ.”

මේ වන විට මහල් නිවාසවල මිල රුපියල් මිලියන 3ත් – 5ත් අතර සාමාන්‍යයක් හෝ 17.68% කින් ඉහළ ගොස් ඇති අතර අමුද්‍රව්‍ය මිල හා ශ්‍රමය ඉහළ යාමත් සමඟ නිවසක් ඉදිකිරීමේ පිරිවැය 20% – 30% කින් ඉහළ ගොස් ඇත. එබැවින්, අනාගතයේ දී මිල අඩු කිරීමට ඇති හැකියාව අඩු බැවින් සහ දිගටම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, පසුව නොව දැන් දේපල මිලදී ගැනීමෙන් ආයෝජකයින්ට ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි වනු ඇති බවත් LankaPropertyWeb සඳහන් කරයි.

ඒ අනුව ඉහළ යන උද්ධමනය සහ රුපියල අවප්‍රමාණය වීම වැනි ආර්ථික වෙනස්කම් සැලකිල්ලට ගෙන ආයෝජනය කිරීමට හෝ සිය ඉපැයීම් ආරක්ෂා කර ගැනීමට ආයෝජන මූලාශ්‍ර සොයන පුද්ගලයන් සුඛෝපභෝගී සිට මධ්‍යම පරාසයේ මහල් නිවාසවල ආයෝජනය කිරීමට ද සලකා බලන බවක්ද පෙනීගොස් තිබේ.

ඒ අනුව lankapropertyweb.com හි ලැයිස්තුගත කර ඇති දේපළ වෙළඳාම්කරුවන් සමඟ සමීක්ෂණයක් පැවැත්වීමෙන්  මෙම කාලය තුළ එවැනි ආයෝජනවල අවශ්‍යතාවය විශේෂයෙන් ශක්තිමත් වී ඇති බව තහවරු වනුයේ  මහල් නිවාස හෝ ඉඩම් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම හේතුවෙන් බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 153