ශ්‍රී ලංකාවේ හොඳම සේවා සන්නාමය ලෙස සෙලින්කෝ ලයිෆ් SLIM සම්මාන ලබයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ සේවා සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍ර වූ අතර, එම උත්සවයේ දී ප‍්‍රධාන සම්මාන පහෙන් එකක් ජයග‍්‍රහණය කරමින් සියලූ ක්ෂේත‍්‍ර අතර සන්නාම විශිෂ්ටත්වයේ උච්චතම ස්ථානයට පත් විය.

මෙරට ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා විසින්, විශේෂ සම්මාන කාණ්ඩ අටෙන් දෙකකින් සම්මාන දිනාගත් අතර, සෙලින්කෝ ලයිිෆ් ‘පෙන්ෂන් සේවර්’ රක්ෂණ සැලසුම සඳහා වසරේ හොඳම නව ඇතුල්වීමේ සන්නාමය සඳහා රන් සම්මානය ද, වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය ද සමඟ 2021 වසරේ කීර්තිමත් සම්මාන ත‍්‍රිත්වයක් ලබා ගත්තේය. සෙලින්කෝ ලයිෆ්, වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී පදක්කම මෙවර දිනාගත්තේ අඛණ්ඩව දෙවැනි වසරටය.

”අපගේ මතකයේ ඇති කාලය තුළ පසු වූ ඉතාමත් අභියෝගාත්මක වසරක සන්නාම විශිෂ්ටත්වය අගයන මෙම ගෙෘරවනීය සම්මාන දිනා ගැනීම අපට විශේෂ සතුටක්,” සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේය. ”මූල්‍ය සේවා සන්නාමයක් ලෙස, වර්ධනයක් ලබා ගත හැකි වූයේ දත්ත ආරක්ෂාව අවම කිරීමකින් තොරව ප‍්‍රවේශය සහ පහසුව වැඩි දියුණු කිරීමෙන් මෙන්ම නව්‍යකරණය තුළින් අපගේ ගනුදෙනුකරුවන් සමඟ ඇති සම්බන්ධතා නිසි ලෙස පවත්වා ගැනීමෙන් පමණි. අප විසින් වසරේ සේවා සන්නාමය සඳහා වන සම්මානය දිනා ගැනීම මෙම ප‍්‍රවේශයේ සාර්ථකත්වය තහවුරු කරනවා.”

වසරේ සේවා සන්නාමය සඳහා වන සම්මානය බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාද, අධ්‍යාපනය, ආයෝජන, දේපළ වෙළඳාම්, සංචාරක සහ ප‍්‍රවාහන ඇතුළු විවිධ අංශවල දේශීය හෝ දේශීය වශයෙන් අලෙවි කරන ජාත්‍යන්තර සන්නාම සඳහා විවෘත විය.

සෙලින්කෝ ලයිෆ් ‘වසරේ හොඳම නව ප‍්‍රවේශය’ සඳහා දිනාගත් දෙවන රන් සම්මානය මගින් වාරික සහතික ප‍්‍රතිලාභ, ලෝයල්ටි ත්‍යාග සහ කල්පිරීමෙන් පසු මාසික විශ‍්‍රාම වැටුපක් පිරිනමන, නව විශ‍්‍රාම සහ ජීවිත ආරක්ෂණ සැලැස්මක් වන ‘පෙන්ෂන් සේවර්’ සැලසුමෙ හි සාර්ථකත්වය ඇගයීමට ලක් කර ඇත. මෙම නව රක්ෂණ සැලසුම් සන්නාමය, විශ‍්‍රාම සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳව ශ‍්‍රී ලාංකිකයන්ව සැලකිය යුතු ලෙස දැනුම්වත් කිරීමට උපකාරී වී ඇති අතර, එය එම සැලසුමේ විශේෂාංග මෙන්ම සන්නාමය ප‍්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ හරහා පැහැදිලිව පෙන්වා දී ඇත.

‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් දිනාගත් රිදී සම්මානය, සමාගම විසින් ක‍්‍රියාත්මක කරන බහුවිධ ප‍්‍රජා ව්‍යාපෘති මෙන්ම තිරසාර මෙහෙයුම් වල වටිනාකම ඇගයීමට ලක් කරයි. පන්තිකාමර සහිත ගොඩනැගිලි ඉදිකිරීම හා පරිත්‍යාග කිරීම, රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ‘වෛද්‍ය හමුව’ නොමිලේ සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සහ ප‍්‍රධාන රෝහල්වල අධි යැපුම් ඒකක (HDUs) සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම මෙම ව්‍යාපෘතිවලට ඇතුළත් වේ. මේ සියල්ල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාවන්ගේ ජීවිතවල ආරක්ෂාව සහ ප‍්‍රගතිය වෙනුවන් පහසුකම් සැලසීමේ මූලික සන්නාම සන්නිවේදනයට සමීපව සම්බන්ධ වේ.

‘ස්ලිම් බ‍්‍රෑන්ඞ් එක්සලන්ස්’  සම්මාන වැඩසටහන ජාතික මට්ටමේ සන්නාම විශිෂ්ටත්වය විදහා දක්වන අතර ඉහළ පෙළේ අලෙවිකරුවන්ගේ විශිෂ්ට උත්සාහයන් ඇගයීමට ලක් කරයි.

Visits: 45