අද දිනයේ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පස්වරු 2.39 තෙක් වලංගු වෙයි

අද (පෙබරවාරි 09 වැනිදා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පස්වරු 2.30ට ස්වයංක්‍රීයව අවසන් කිරීමට නියමිතව තිබුණත්, ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා අවසානයේදී වෙළෙඳ පොළ ගනුදෙනු පස්වරු 2.39ට නිමා කිරීමට සිදු වුණු බව කොළඹකොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

ඒ අනුව මේ හේතුවෙන් ආයෝජකයන් හට සිදුවිය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින්, වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.39 දක්වා වලංගු වන බවට කොළඹ කොටස් හුවමාරුව මගින් තීරණයක් ගත් බවත්, එය එහි කළමනාකාරිත්වය මගින් මේ පිළිබඳව ගත් හොඳම තීන්දුව ලෙස පිළිගන්නා ලද බවත් පවසයි.

එසේම කොළඹ කොටස් හුවමාරුවෙහි සහ මධ්‍යම තැන්පතු පද්ධතියේ වාර්තාවන්ද මෙම අවස්ථාව නිරූපණය වන අකාරයට සකස් කෙරෙනු ඇති බවත් කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් පවසයි.

Visits: 310