නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ

සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවරද ක්‍රියාවට නංවන බව මහජන බැංකුව පවසයි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම  බිලිදකු වෙනුවෙන්ම රු 2000/=ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක්  පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත. 

දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම සඳහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළගම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන්  ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වෙත සහ බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී එහි අධ්‍යක්ෂිකා උපුලි විජයමාන්න මහත්මිය වෙත සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ක්‍රමෝපාය සැලසුම්, කාර්යසාධන කළමනාකරණ සහ පර්යේෂණ) ජයන්ති කුරුකුලසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පූර්ණ ව්‍යාපාර බැංකුකරණ) නිපුණිකා විජයරත්න, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) නලින් පතිරණගේ, කොළඹ උතුර ප්‍රාදේශීය කළමනාකාර එස්.එල්.එම්.ඒ.එස් සමරතුංග, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාර එම්.එස් කනක්ක හේවගේ, බොරැල්ල ශාඛා කළමනාකාරිනි ඩබ්ලිව්.ඒ.එන් උදයංගනී සහ පුරහල ශාඛා කළමනාකාර පැතුම් මිහිරාජ් යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලයද සහභාගි වුහ.

මීට අමතරව නිදහසේ උපත වැඩසටහන දිවයින පුරා පුද්ගල දුරස්ථභාවය රැකෙන පරිදි රජයේ නිරෝධායන නීති රිති වලට අනුකුලව ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.

Visits: 34