ඉහළ ගිය සොෆ්ට්ලොජික් පහලවැටීමත්, කලබලකාරී අලෙවියත් නිසා වෙළෙඳ පොළ පහළට

අද (පෙබරවාරි 02) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දරුණු කඩාවැටීමක් සිදුවුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී දර්ශක අගයන් දෙකම පෙර දිනයට සාපේක්ෂව 2.50%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටීම සිදුවිය.

එහිදී මූලිකවම පෙර දින කිහිපයේදී ඉහළ ගිය සොෆ්ට්ලොජික් සමූහයේ සමාගම්හි කොටස් වටිනාකම් එක්වරම පහත වැටීම ඊට හේතු වූ බව එම සමාගම්වල අදහස වී තිබේ. ඒ හේතුවෙන් කොටස් අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. එසේම කළබලකාරී බව නිසා වටිනා සමාගම්හි කොටස් අලෙවියද ඉහළ මට්ටමින් සිදුවී තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 12,499.37ත් ඒකක 12,976.33ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 12,584.02ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 01) දිනයට සාපේක්ෂව ඒකක 338.10ක් එනම් -2.62%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලංකා ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+3.6), ලයන් බෘවරි (ශ්‍රීලංකා) පීඑල්සී LION (+3.3), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+2.3), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+2.3), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී LFIN (+1.69), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-60.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-42.3), සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී AAIC (-15.9), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-12.0), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-11.9) යනාදී සමාගම්ය.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (ඡන්දහිමි), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී තුළ සිදුවුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 2.4%ක ප්‍රතිශතයක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 34ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 195ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 4,221.16ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 01) ‍ට සාපේක්ෂව ඒකක 123.26ක එනම් -2.84%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.71ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 01) වාර්තා කළ රුපියල් බිලියන 8.93ට  සාපේක්ෂව 8% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 5.6ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 1.99%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 113.45ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 161.33ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 47.88කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 2.83 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  35.41කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 19.93ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,280ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන රක්ෂණ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,660ක සහ රුපියල් මිලියන 1,470ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 400