රුපියල් මිලියන 410කට තීන්දු වූ SLT Campus ගනුදෙනුව සම්පූර්ණ කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත පරිපාලිත සමාගමක් ලෙස පැවැති SLT Campus (පෞද්) සමාගම Tempset Two (පෞද්) සමාගම වෙත අලෙවි කිරීම සම්පූර්ණ කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව පෙර එකඟතාවට පත්ව සිටි ආකාරයට රුපියල් මිලියන 410ක (410,000,000ක) ක මුදලකට SLT Campus (පෞද්) සමාගම Tempset Two (පෞද්) සමාගම වෙත ඊයේ (ජනවාරි 25දා) දිනයේදී අලෙවි කිරිම සිදුව තිබේ..

එම සමාගම මගින් මෙම ගනුදෙනුව පිළිබඳව පළමුවරට අනාවරණය කෙරුණේ පසුගිය දෙසැම්බර් 14 වැනිදාය. ඒ අනුව කොළඹ 02, නවම් මාවතේ අංක 46/58 දරන ලිපිනයේ මිලේනියම් හවුස් ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා ඇති තිබේ.

එම සමාගම සහ තවත් ආයෝජක කණ්ඩායමක් මෙම ගනුදෙනුව සිදුකළ බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී වැඩිදුරටත් පවසයි.

Visits: 414