විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී පසුගියදා විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල (Professional and Career Women Awards) උත්කර්ෂවත්අන්දමින් පවත්වන ලද බව පවසයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, විවිධ වෘත්තීන් හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 50 දෙනෙක් ඇගයීමට ලක් වී තිබේ.

මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ 11 වන වරට වන අතර, හෝටල් හා සත්කාරක සේවා, බැංකු හා මූල්‍ය සේවා, කාර්ය සම්පාදන හා සැපයුම් දාම, ව්‍යවසායකත්ව, ජනමාධ්‍ය, සහ නීතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින්, සමාජයට ආදර්ශයක් වූ කාන්තාවන් පිරිසකට මෙහිදී සම්මාන පිරිනමන ලදි.  එමෙන්ම රැකියා ස්ථාන තුළ කාන්තාවන්ගේ දියුණුවට අත්වැලක් වෙමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කළ සමාගම් හාආයතනදමෙහිදී ඇගයීමට ලක්විය.

ආචාර්ය මහේෂි රාමසාමි (වසරේ ආදර්ශමත් වෘත්තීය කාන්තාව), මහාචාර්ය නදීරා කරුණාවීර (වසරේ ආදර්ශමත් කාන්තාව), අරුණි ගුණතිලක (වසරේ පුරෝගාමී කාන්තාව), රන්දුලා ද සිල්වා (වසරේ පෙරළියක් සිදුකළ කාන්තාව) සහ ආචාර්ය වජිරා චිත්‍රසේන (විනිශ්චයමණ්ඩලයේ සම්මානය) විසින් මෙම සම්මාන උළෙලේ ප්‍රධාන පෙළේ සම්මාන දිනාගන්නා ලදි.  

“2021 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල, අභියෝග ජයගැනීමේ හැකියාව, සුභවාදී දැක්ම, කැපවීම සහ වර්ධනය යනාදිය ඇගයීමට ලක් කළ සම්මාන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි. ගෝලීය COVID-19 වසංගතයේ තුන්වැනි වසරට අප එළඹී සිටින මේ මොහොතේ, මේ සම්මානලාභීන් අපට සිහිපත් කරන්නේ දුෂ්කරම කාලවල පවා දියුණුව සඳහා අවස්ථාවන් හා හැකියාවන් පවතින බවයි. පසුගිය දශකයකට අධික කාලය තුළ, කාන්තාවන් අත්පත් කරගත් ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින්, එබඳු ජයග්‍රහණ හඹා යාමට අනෙකුත් කාන්තාවන්ද දිරිමත් කිරීමට, මෙම සම්මාන උළෙල විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.” කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ/සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා පැවසුවා ය.

මේ දක්වා 470 කට අධික පිරිසක් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල වලදී සම්මාන වලින් පිදුම් ලබා තිබේ. ව්‍යාපාරික/ආයතනිකනායිකාවන්, කාර්ය මණ්ඩල සාමාජිකාවන්, ව්‍යවසායිකාවන් සහ, රටේ තිරසාර හා අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් උදෙසා නන් අයුරින්දායකවනඅනෙකුත් කාන්තාවන් ඇගයීමටලක්කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වී ඇත.

Visits: 48