සියලූ පරිශීලකයින්ට සෑම අතින්ම ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකතනය SAMSUNG S21 FE 5G

සැම්සුන් ශ‍්‍රී ලංකා සිය Galaxy S21 කාණ්ඩයට තමන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන  Galaxy S21 FE 5G අද දිනයේදී පිළිගන්නා ලද බව පවසයි.

S21 FE 5G යනු රසිකයන් ප‍්‍රියකරන තෝරාගත් විශේෂාංගවලින් සමන්විත Galaxy S21 මාදිලියේ ජංගම දුරකතනවල සැම්සුන් දුරකතනයකි. Galaxy S21 මාදිලියේ smartphone වල ඇති සුවිශේෂී නිමාව, ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය, pro-grade කැමරාව, seamless ecosystem සම්බන්ධතාවය යනාදියෙන් මෙම දුරකතනය සමන්විතය.

මෙම නවතම හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සූ යූ මහතා පැවසුවේ ‘’සැම්සුන් සමාගමේ අපි අපගේ නවතම smartphone නවෝත්පාදන වැඩි පිරිසකට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. Galaxy S20 FE සහ Galaxy S21 smartphone වලට විශිෂ්ට ප‍්‍රතිචාරයක් ලැබුණ බව අප දුටුවා. ඒ නිසා අප එම ප‍්‍රවේශයම  S21 FE 5G smartphone එකට ලබා දුන්නා. අප එයට අපගේ ලෙන්ගතු Galaxy රසිකයන් කැමැති සියලූ ප‍්‍රධාන අංග උපාංග, ලක්ෂණ යනාදිය ඇතුළත් කළා. මක්නිසාද යත් අපි අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරන පරිදි smartphone ලබා දෙන්න කැප වී සිටින නිසයි.” යනුවෙනි.

Galaxy S21 මෙන්ම මෙයත් එම සුවිශේෂී සහ විශිෂ්ට නිමාවෙන්, ඉහළ කාර්යසාධනයෙන්, pro-grade කැමරාව, seamless ecosystem සැබැඳියෙන් සමන්විතයි. S21 FE 5G smartphone එක S21 ඇති සියලූ ප‍්‍රධාන ලක්ෂණවලින් සමන්විත පූර්ණ පැකේජයක smartphone එකකි. මේ නිසා අපගේ පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විනෝදයක් මෙන්ම සේවා ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ.

S21 FE 5G, එයටම සුවිශේෂී වූ නිමාව සමඟින් Galaxy S21 හි උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. S21 FE 5G හි කැමරාව අපගේ රසිකයින් ප‍්‍රිය කරන Contour-Cut රාමුව සමඟින් විචිත‍්‍රවත් කැමරා ආවරණයකින් යුතු අතර එමගින් මෙම දුරකතනයට සුවිශේෂී හැඩකාර පෙනුමක් ලැබී තිබේ. මීට අමතරව සැම්සුන් සිය පරිශීලිකයන්ට ඔවුන්ට වර්ණවත් තේරීමක් ද ලබා දෙමින් Olive, Lavender හෝ Graphite ආදී වර්ණවලින් මෙම smartphone එක හඳුන්වා දී තිබෙන්නේ එයටම ආවේණික, නව පන්නයේ නිමාවකින් ද යුතුව වීම විශේෂිතය. එමෙන්ම  S21 FE 5G සුසිනිඳු සහ 7.9mm ප‍්‍රමාණයෙන් යුක්තය. මේ නිසා එය ඉතා පහසුවෙන් ඔබගේ සාක්කුවටත් යන එන ඕනෑම තැනක රැගෙන යෑමටත් හැකි ය.

දිගුකල් පවතින බැටරි S21 FE 5G අපගේ කාර්යබහුල හා ක‍්‍රියාශීලී Galaxy පාරිභෝගිකයන් සඳහා ප‍්‍රමුඛ අංගයකි. මේ නිසා දවස මුළුල්ලේ ක‍්‍රියාකාරීව පවතින බැටරිය නිසා නිවසේ සිට වැඩ කිරීමටත් වෙනත්  ඕනෑම තැනක සිට වැඩ කිරීමටත් මෙම දුරකතනය කදිමය. මෙය ඒ වෙනුවෙන්ම නිර්මාණය කර තිබේ. S21 FE 5G හි බලසම්පන්න බැටරිය 25W Super fast charging පහසුකමින් ශක්තිමත් කර ඇති නිසා මිනිත්තු 30කටත් අඩු කාලයක් තුළ බැටරිය සියයට 50කට වැඩි ප‍්‍රමාණයකට charge කරගැනීමේ හැකියාව තිබේ. S21 FE 5G තාක්ෂණයෙන් සමන්විත නිසා කිසිදු බාධාවකින් තොරව සුපිරි වේගවත් ක‍්‍රියාකාරීත්වයකින් සිය කටයුතු කරගැනීමට හැකියාව ඇත.

Visits: 135