CSE හි ලැයිස්තුගත අංශ අනුව වැඩිම ආදායමක් සහිත මුල් සමාගම්

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන LMD 100 සඟරාව මගින් කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත සමාගම් අතරින් 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලැයිස්තුගත අංශ අනුව වැඩිම ආදායමක් ලබන සමාගම් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව එකිනෙකට වෙනස් ලැයිස්තුගත අංශ 16ක් යටතේ මෙම වර්ග කිරීම සිදු ව තිබේ.

මෙහිදී ප්‍රාග්ධන භාණ්ඩ අංශය යටතේ පළමු ස්ථානය හේලීස් සමාගම හිමි කරගෙන තිබේ. එම සමාගමේ ආදායම රුපියල් බිලියන 241.2කි.

එසේම ප්‍රවාහන අංශය යටතේ වැඩිම ආදායම හිමි කරගෙන ඇත්තේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි. එය රුපියල් බිලියන 218.7 කි.

විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යටතේ පළමු ස්ථානයට පත්ව ඇති LOLC  හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හිමි කරගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 160.4කි. බැංකු යටතේ වැඩිම ආදායම උපයා ගෙන ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. එය රුපියල් බිලියන 151.9 කි.

දුරකතන සන්නිවේදන සේවා අංශය යටතේ පළමු ස්ථානය ඩයලොග් ආසිආටා සමාගම හිමි කරගෙන ඇති අතර, එය රුපියල් බිලියන 120.1 කි. ආහාර පාන වර්ග සහ දුම්කොළ අංශය යටතේ වැඩිම ආදායම කාර්සන්ස් කුම්බර්බැච් සමූහය හිමි කරගෙන ඇති අතර, එය රුපියල් බිලියන 114.8කි.

ආහාර සහ සිල්ලර භාණ්ඩ අංශය යටතේ වැඩිම ආදායම් රැස් කරගැනීම සී.ටී. හෝල්ඩිංග්ස් විසින් සිදු කර තිබේ. එය රුපියල් බිලියන 112.9 කි. එසේම සිල්ලර අංශය යටතේ වැඩිම ආදායම සිංගර් ශ්‍රී ලංකා හිමි කරගෙන ඇති අතර, එය රුපියල් බිලියන 67.4කි.

බලශක්තිය යටතේ වැඩිම ආදායම ලංකාඅයිඕසී සමාගම හිමිකරගෙන තිබේ. එය රුපියල් බිලියන 66.6කි. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ අංශය යටතේ වැඩිම ආදායම රැස් කරගෙන ඇති අතර, එය රුපියල් බිලියන 55.9කි.

නිෂ්පාදන අමුද්‍රව්‍ය යටතේ වැඩිම ආදයම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් වෙතින් හිමි කරගෙන ඇත.එය රුපියල් බිලියන 46.3කි. පාරිභෝගික කල්පවත්නා භාණ්ඩ සහ ඇගලුම් යටතේ වැඩිම ආදායම ටීජේ ලංකා හිමිකරගෙන ඇති අතර එය රුපියල් බිලියන 31.7කි.

සෞඛ්‍යආරක්ෂක උපාංග සහ සේවා යටතේ වැඩිම ආදායම ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හිමි කරගෙන ඇත. එය රුපියල් බිලියන 15.7කි.

වාණිජ සහ වෘත්තිමය සේවා යටතේ වැඩිම ආදායම ප්‍රින්ටිකෙයා සමාගම හිමි කරගෙන ඇති අතර, එය රුපියල් බිලියන 6.0කි. එසේම පාරිභෝගික සේවා යටතේ වැඩිම ආදායම එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් හෝල්ඩිංග්ස් අත් කරගෙන ඇති අතර, එය රුපියල් බිලියන 5.59කි.

මිට අමතරව දේපළ වෙළෙඳාම් අංශය යටතේ වැඩිම ආදායම ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම හිමි කරගෙන ඇති අතර අය රුපියල් බිලියන 4.7කි.

Visits: 1725