තමෝතරම්පිල්ලෙයි සානාකන් බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

බ්‍රවුන්ස් සහ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තමෝතරම්පිල්ලෙයි සනාකන් මහතා පත් කළ බව එම සමාගම දැනුම් දෙයි.

2022 ජනවාරි 10 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදුව තිබේ.

මෙම පත් වීම ලබන අවස්ථාව වන විටත් ඒ මහතා බ්‍රවුන්ස් සහ සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළේය.

2013 වසරේදී ප්‍රධාන මූල්‍යනිලධාරියා ලෙස බ්‍රවුන්ස් සමූහය වෙත එක් වූ තමෝතරම්පිල්ලෙයි සනාකන් මහතා සතුව විවිධ ක්ෂේත්‍රයන්හි වසර 20කට අධික අත්දැකීම් සහිත බවත් පැවසෙයි.

එහිදී ඒ මහතා මූල්‍ය සේවා, වෙළෙඳ, අපනයන, නිෂ්පාදන, සෞඛ්‍යසේවා, පාරිභෝගික භාණ්ඩ ඇතුළු කර්මාන්ත අංශ රැසකම ජ්‍යෂ්ට කළමනාකරණ තනතුරු හොබවා ඇත.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට සනාකන් මහතා සතුව බ්‍රවුන්ස් සහ සමාගමේ කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම පවසයි.

මීට පෙර ඒ මහතා LOLC සමූහයට අයත්  LOLC සෙකියුරිටීස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කර තිබේ.

එසේම ඒ මහතා කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීල්සී, එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී, ඇසෝසියේටඩ් බැටරි මැනියුෆැක්චර්ස් (සිලෝන්) ලිමිටඩ්, සහ බීඅයි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම යන LOLC සමූහයේ තවත් සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමජිකයෙකු ලෙස කටයුතු කරයි.

මීට අමතරව ඒ මහතා LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ විගණන කමිටු සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.

Visits: 458