සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලය නව පරිශ්‍රයකට

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත ආයතනය වන සියපත ෆිනෑන්ස් පීඑල්සී,සිය අසමසම පාරිභෝගික මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් පසුගියදා ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලකට පිවිසීම සිදු විය.

කොළඹ නගරයේ,ඉක්මනින් හා පහසුවෙන් ළඟාවිය හැකි මධ්‍යගත පිහිටීමකින් යුතු අංක 111, ඩඞ්ලි සේනානායක මාවත, කොළඹ 08 ලිපිනයේ පිහිටි අති නවීන තාක්ෂණික පහසුකම් හා නවතම විශේෂාංග රැසකින් සමන්විත මහල් 13 ක නව ගොඩනැගිලි පරිශ‍්‍රයේ සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය දැන් ක‍්‍රියාත්මකය වේ.

වසර 16 කට අධික කාලයක් මුළුල්ලේ,තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ හෘද්‍යාංගම වූ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් බවට සියපත ෆිනෑන්ස් අද පත්ව සිටියි.

සියපත ෆිනෑන්ස් ආයතනයේ නව ප‍්‍රධාන කාර්යාල පරීශ‍්‍රය ගනුදෙනුකාර භවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ ආයතනික පාර්ශ්වකරුවන්ගේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකර ගැනීමෙහිලා මනාව සැලසුම් කරන ලද වටපිටාවකින් සමන්විතය. ගනුදෙනුකාර භවතුන්ගේ පහසුව උදෙසා වැඩි ඉඩකඩකින් යුත් රථගාල, ආයතනික කාර්ය මණ්ඩලයේ පුහුණු හා සංවර්ධන කටයුතු උදෙසා වෙන් කළ අතිනවීන පහසුකම් වලින් සමන්විත දේශන ශාලාව සියපත ෆිනෑන්ස් පීඑල්සී නව ප‍්‍රධාන කාර්යාල  ගොඩනැගිල්ලේ පිහිටි වඩාත් කැපී පෙනෙන විශේෂාංග වේ.

ඒ ඒ ක්ෂේත‍්‍රයන්හි පළපුරුදු වෘත්තීයවේදී කාර්ය මණ්ඩලය විසින් ලබාදෙන උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ නව්‍යකරණයෙන් හා නම්‍යශීලීත්වයෙන් යුක්ත ගුණාත්මක පාරිභෝගික සේවාවත් – ආයතනික පාර්ශ්වකරුවන් වෙත ලබාදී ඇති වටිනාකමත් – සාමාජීය වගකීම් නිසිලෙස ඉටුකරනු ලබන පරමාදර්ශී ව්‍යාපාර මෙහෙවරත් සියපත ෆිනෑන්ස් පීඑල්සී නව ගොඩනැගිලි පරිශ‍්‍රයත් සමග තවදුරටත් ශක්තිමත්ව ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරමින් අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා “අලූත් ප‍්‍රධාන කාර්යාල පරීශ‍්‍රයත් සමග අලූත් බලාපොරොත්තුවකින් අලූත් ජවයකින් අලූත් සේවා රැසක් එක්ක සුපුරුදු මූල්‍ය සේවාවන් පවත්වාගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා.  ඕනෑම ප‍්‍රදේශයක සිට කොළඹ නගරයට සමීප වීමේදී කාටත් පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයකට අප දැන් පැමිණ සිටිනවා. අති නවීන පහසුකම් රැසක්,උසස් තාක්ෂණික වටපිටාවක් සහිත මෙම නව ගොඩනැගිල්ල ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා සපයන ආයතන අතර සියපත ෆිනෑන්ස් පීඑල්සී ගොඩනගාගෙන තිබෙන ප‍්‍රමුඛ පෙළ ප‍්‍රතිරූපය තවදුරටත් ඉහළ නංවනවා.”යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ වසර 16ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරනු ලබයි.

Visits: 154