Viberහි AR Lens භාවිත කරන පරිශීලකයින්ගේ වර්ධනයක්

පුද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කට හඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන RakutenViberසිය Viber කාච (Lens) භාවිතය පිළිබඳ විශ්ලේෂණයක ප්‍රතිඵල නිකුත් කර සිටියි.

මේ වසරේ පසුගිය ජූනි මාසයේදී ඔවුන් Snap සමඟ එක්වෙමින් මෙම විශේෂාංගය හඳුන්වාදී මාස කිහිපයක් පුරා එය ප්‍රධාන වෙළඳපොළවල් වෙත නිකුත් කළේය.

 කාච හඳුන්වාදුන් පළමු අවස්ථාවේ සිට මිලියන 7.3 කට අධික පරිශීලකයින් පින්තූර, වීඩියෝ,GIF වැනි මාධ්‍ය සඳහා කාච භාවිතා කර ඇත.

මිලියන 5.6කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිතා මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත.

මිලියන 5.6කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිතා මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත.

Viberහි මාසික ක්‍රියාකාරී පරිශීලකයින්ගෙන් (MAUs)46%ක්කාන්තාවන්වන අතර ඉන් කාච භාවිතා කරනු ලබන ප්‍රතිශතය 56%කි. ඒ මඟින් කාන්තාවන්ගේ AR කාච භාවිතය ඉහළ යාමට වැඩි ඉඩක් ඇති බව එම දත්ත වාර්තා සඳහන් කරයි.

භාවිතා මාධ්‍ය ග්‍රහණය කර යැවීමට පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වා ඇත. කාච භාවිතා කරන කාන්තාවන්ගෙන් 59% ක් භාවිතා මාධ්‍ය ග්‍රහණය කර ගන්නා අතර ඔවුන්ගෙන් 30%ක් එය යවා තිබේ. කාච භාවිතා කරන පිරිමින්ගෙන් 55% ක් භාවිතා මාධ්‍ය ග්‍රහණය කර ඇති අතර ඔවුන්ගෙන් 27% ක් එය යැවීමට කටයුතු කර ඇත.

දත්ත වලට අනුව වැඩිපුරම භාවිතා වී ඇති කාච වන්නේ ‘කාටූන් මුහුණ’, ‘විශාල ගුග්ලිඇස්’ සහ ‘දිගු දිව’ සහිත රූප වන අතර එම කාච වඩාත්ම ජනප්‍රිය කාචය බවට පත්ව ඇත. විලාසිතා සඟරා මඟින් රතු හිසකෙස්  2021 සඳහා වර්ණ ප්‍රවණතාව ලෙස හුවා දැක්වූ අතර, එම නැඹුරුව AR ෆිල්ටර වෙත පැතිර ගියේය.

‘රතු හිස’ පරිශීලකයාට රතු හිසකෙස් ලබා දෙන කාචයක් වූ අතර එය Viberහි දෙවන වඩාත් ජනප්‍රිය කාචය විය. ලෝක වනජීවී අරමුදල (WWF) සමඟ එක්ව නිර්මාණය කරන ලද ව්‍යාග්‍ර මුහුණ සහිත කාචය ද ඉතා ජනප්‍රිය වූ අතර ඒ හේතුවෙන් ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ කාච ලෝක වනජීවී අරමුදල වෙත පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන ඇත.

ලාබාලම වයස් කාණ්ඩවල පිරිස් පමණක් නොව තරුණ හා වැඩිහිටි පිරිස්ද AR ෆිල්ටර භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බවට මෙම විශ්ලේෂණයට අදාළ ප්‍රතිඵලමඟින් අනාවරණය වී ඇත. අවුරුදු 30-40 වයස් කාණ්ඩයේ කාච භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 23% කි. අවුරුදු 40-60 වයස් කාණ්ඩයේ පරිශීලකයින් ප්‍රමාණය 18% වන අතර වයස අවුරුදු 17ට අඩු කාච භාවිතා කරනු ලබන පරිශීලකයින් ප්‍රතිශතයක් ලෙස 13% කි.

”ඉතා දුෂ්කර වසරක් තුළ, වසංගතය හේතුවෙන් බොහෝ දෙනා පුද්ගලික සබඳතා දුරස්ව පවත්වා ගැනීමත් සමඟ Viberඔවුන්ගේ ඩිජිටල් සන්නිවේදනය වඩාත් සජීවී කිරීමට පියවර ගත්තා.”RakutenViberහි ප්‍රධාන සංවර්ධන නිලධාරිනී ඇනා ස්නාමෙන්ස්කායා පැවසුවාය.

”ව්‍යාග්‍රයකු සේ පෙනෙන කාචයක් භාවිතා කරමින් මිතුරෙකුට සුබපැතුම් යැවීම හෝ තමන් කැමැත්තක් දක්වන වෙළඳ නාම සඳහා රූප මාධ්‍යක් මඟින් සහයෝගය පලකිරීමවැනි ක්‍රියා තුළින් මිනිසුන් එකිනෙකා සමඟ සබඳතාවයන් ගොඩනගා ගැනීමසඳහා විනෝදජනක ක්‍රම සොයමින් සිටියි.”  

Visits: 72