පසුගිය වසරේ කසල කළමනාකරණයට රුපියල් මිලියන 1435 ක් වැයවෙලා

පසුගිය වසරේ  කසල කළමණාකරන ව්‍යාපෘති 127ක්   වෙනුවෙන් රුපියල් මිලියන 1435 ක මුදලක් වැය කර ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි..

මෙහිදී කසළ කළමණාකරණ මධ්‍යස්ථාන සඳහා 2021 වසරේ දී රුපියල් මිලියන 700ක් වෙන් කර තිබූ අතර, එමගින් ක්‍රියාත්මක ව්‍යාපෘති ගණන 38කි.

මීට අමතරව දේශිය ගොවිතැන සඳහා කාබනික පොහොර නිශ්පාදනය සිදු කිරිම උදෙසා යාන්ත්‍රික කොම්පොස්ට් අංගන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ ගුණාත්මක කොම්පොස්ට් පොහොර ගොවිජනතාව අතර ප්‍රචලිත කිරිම සඳහා කොම්පොස්ට් කැට පොහොර නිපදවීම දක්වා පළාත් පාලන ආයතනයන් යොමු කිරිමට රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ යටතේ ව්‍යාපෘති 89 ක් සඳහා රුපියල් මිලියන 735ක් වැය කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් වස විසෙන් තොර ආහාර ජනතාවට ලබා දීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට එම රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ ජාතික සහ අපද්‍රව්‍ය කළමනාකරණ සහයක මධ්‍යස්ථානය පියවර ගෙන ඇතැයිද පවසයි.

Visits: 59