One UI 4 සමඟ එන Samsung Kids යාවත්කාලීන වෙයි

ඔබ දරුවන්ට අසීමිත වූ ඩිජිටල් ලෝකය වෙත ආරක්ෂිතව පිවිසීමට ඉඩකඩ සලසන යම් ආරක්ෂාවක්, පාලනයක්  අවශ්‍ය දෙමව්පියෙකු නම් Samsung Kids ඊට කදිම විසඳුම ඔබ වෙත ගෙන එනු ඇත.

දරුවන් සඳහා පමණක් සකස් කරන ලද ගෘහස්ත දියත් කිරීමක් වන Samsung Kids දරුවන් බාහිර සේවාවන් වෙත නිරාවරණය වීම වළක්වාලමින් පවුලේ සියලූ දෙනාට ගැලපෙන apps වලින් සපිරුණු ස්මාර්ට් ජංගම දුරකතනය තුළින් ඔවුන්ගේ සතුට හා  අධ්‍යාපන අවශ්‍යතාවන් මනාව සපුරාලීමට සමත් වේ.

Samsung Kids හි One UI 4 නවතම update කිරීම මගින් පවුලේ සියලූ දෙනා බොහෝ විට භාවිත කරනු ලබන විශේෂාංගයන් වෙත වැඩි ආරක්ෂාවක් මෙන්ම විවිධත්වයක් එක් කරනු ලබන්නේ කුමන ආකාරයෙන්දැයි මේ ලිපිය තුළින් ඔබට වැටහෙනු ඇත.

වර්තමානයේදී Samsung Kids ලෙස හඳුන්වන විශේෂාංගය 2014 වසරේදී ප‍්‍රථම වරට Kids Mode ලෙස හඳුන්වා දෙනු ලැබීය. මෙම Kids Mode විශේෂාංගය ළමයින්ට වඩාත් ආරක්ෂිත ආකාරයෙන් smartphones භාවිත කිරීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇත.

එමෙන්ම ඒ තුළ අන්තර්ගත විශේෂාංගීකරණ සැකසුම් තුළින් දරුවන් Kids Mode සේවාව මගින් ලබාදෙනු ලබන apps වලට පමණක් ප‍්‍රවේශ වන බව දෙමවුපියන්ට සහතික කිරීමටද හේතු වේ. එසේම දරුවන් වඩාත් කැමති විශේෂාංගයන් ලබා දෙනු ලබන සුවිශේෂී හා හිතකර සාධකයන් සහිත නිර්මාණ සමගින් දරුවන්ගේ පළමු වින්දනාත්මක අත්දැකීම ඔවුන් වෙත උරුම කර දීමට ජංගම දුරකතනය තුළ smartphone කටයුතු කරනු ලබයි.

එම හඳුන්වාදීමේ සිට Kids Mode විශේෂාංගය වඩාත් ප‍්‍රචලිත වූ අතර දරුවන්ට තමන්ගේ smartphones සමඟවිනෝද වීමට සහ ඉගෙනීමට හැකිවන බව සහතික කිරීම වෙනුවෙන් එක් එක් වයස් කාණ්ඩ සහ අංශයන් සඳහා විවිධත්වයෙන් යුත් අන්තර්ගතයන්හි එකතුවක්ද ඊට එක් කරන ලදී.

Kids Mode, Samsung Kids බවට පත් වන්නේ වඩාත් පහසු විවිධ වූ අන්තර්ගතයන් ඒ වෙත ඉදිරිපත් කරමිනි. ඒ නිසාම download කිරීමකින් තොරව පැනලය tap කිරීමෙන් පමණක් Samsung Kids සක‍්‍රීය කර ගැනීමේ අවස්ථාව දැන් පරිශීලකයන් වෙත උදා කර දී තිබීම මහත් පහසුවක් වනු නිසැකය. එමෙන්ම ජංගම දුරකතනය unlock කිරීමේදී මෙම විශේෂාංගය ක්ෂණිකව ක‍්‍රියාත්මක කිරීමට හෝ අක‍්‍රීය කිරීමටද හැකියාව ඇත.

ඒ වෙනුවෙන්ම වන password අවශ්‍ය නොවන අතර ඒ සඳහා භාවිත කරන patterns පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ඉදිරිපත් කරනු ලබයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ හවුල්කාර සමාගම් සමඟ එක්ව තවත් විවිධ අන්තර්ගතයන් මීට ඇතුළත් කිරීමට සැම්සුන් කටයුතු කර තිබීමයි.

Visits: 72