CPC – LIOC හවුලේ සිදුකරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ‍යට අයත් ටැංකි 61 ක ප්‍රමාණයක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නමින් ස්ථාපිත කරනු ලැබ ඇති සමාගම මඟින් සංවර්ධන සඳහා බලශක්ති ඇමතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව සඳහන් කෙරිණි.

මෙහිදී අදාළ සමාගම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට 51%ක් සහ ලංකා අයි.ඕ.සී. සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන පරිදි ස්ථාපිත කර තිබේ. 

එසේම දැනට ඉන්දීය රජය සමඟ පවතින ගිවිසුම් ත්‍රිත්වය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා මඟින් සමාලෝචනය කර ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට විසින් එකඟතාවකට එළඹ ඇත.

ඒ අනුව, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී. සමාගම දැනටමත් භාවිතට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14 එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

Visits: 238