Hayleys Advantis 3PL Plus සතු විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානය තවදුරටත් පුළුල් වෙයි

භාණ්ඩ ප‍්‍රවාහනය සහ ගබඩාකරණය සඳහා ගෝලීය වශයෙන් තරගකාරී කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා දායක වෙමින් හේලීස් ඇඞ්වාන්ටිස් සමූහයේ සාමාජිකයෙකු වන Advantis 3PL Plus ආයතනයේ ජා ඇල, කොටුගොඩ පිහිටි සිය විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානය වන Advantis Logistics City (ALC) තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කර සිටියි.

අක්කර 2ක ඉදිකිරීමට නියමිත නව බෙදාහැරීමේ මධ්‍යස්ථානය, වර්ග අඩි 121,000 නව ගබඩා පහසුකමකින් යුතු අතර ALC පරිශ‍්‍රයේ සමස්ත පහසුකම වර්ග අඩි 455,000 කට වඩා වැඩි කරගනිමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම තාක්ෂණික වශයෙන් දියුණු බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට එය ඉදිරියේදී පත්වනු ඇත.

මෙම නවමු ගබඩා පරිශ‍්‍රයත් අනෙකුත් ප‍්‍රාදේශීය ගබඩා පහසුකම් සමඟ හේලීස් ඇඞ්වාන්ටිස් සමූහයේ සමස්ත ගබඩා ධාරිතාවයෙන් වර්ග අඩි මිලියන 3.5 කට අධික ප‍්‍රමාණයක් පුරා සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත. එමෙන්ම මේ වන විට සමාගමේ බෙදාහැරීමේ දුර ප‍්‍රමාණය වසරකට කිලෝමීටර මිලියන 26.5 කට වඩා විසිර පවතී.

සමාගමේ නව ගබඩා පරිශ‍්‍රයේ පැවති විශේෂ මුල්ගල් තැබීමේ උත්සවය සඳහා හේලීස් සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා, හේලීස් ඇඞ්වාන්ටිස් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා, හේලීස් ඇඞ්වාන්ටිස් සමූහයේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයින්, පාරිභෝගිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ”ජාතියේ උන්නතිය උදෙසා විශාල දායකත්වය ලබා දෙන්නෙක් ලෙස හේලීස් අප අඛණ්ඩව සේවය ලබා දී තිබෙන අතර අපගේ ගබඩාකරණ සහ ප‍්‍රවාහන අංශය ශ්‍රී ලංකා ආර්ථිකයේ ශක්තිමත් පදනම වී තිබෙනවා. භාණ්ඩ ගබඩාකරණ සහ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ඔරොත්තු දීමේ හැකියාවේ ඇති වැදගත්කම කොවිඞ් වසංගතය මගින් පෙන්වා දී තිබෙනවා. එමඟින් හේලීස් ඇඞ්වාන්ටිස් වන අපගේ සැබෑ හැකියාව පෙන්වීමට අවස්ථාවක් ලබා දුන් අතර අප අත්කර ගත් සාර්ථකත්වය ඒ තුළින් මනාවට පිළිබිඹු වනවා.’’ යනුවෙන් පවසයි.

‘‘අපගේ භාණ්ඩ ගබඩාකරණ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ දෙවන අදියර අපගේ කීර්තිමත් සේවාදායකයින් වෙත ඉදිරිපත් කරන්නේ මහත් ආඩම්බරයකින්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වසංගතය අතරතුර වුවත් අඛණ්ඩව සැපයුම් දාමයන් සහතික කිරීම සඳහා අප සමඟ සහයෝගයෙන් කටයුතු කළා. මෙය දශකයකට අධික අපගේ ගමන් මගේ ප‍්‍රධාන දිරිගැන්වීමක්. ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නගා සිටුවීමට අප පියවර රැසක් ගෙන තිබෙනවා. එමෙන්ම මෙම පහසුකම තව තවත් ඉහළ නැංවීම තුළින් අපගේ සේවා ධාරිතාව, වේගය සහ පාරිභෝගිකයන් වෙත පෙර නොවූ විරූ විධිමත් සේවාවක් ලබාදීමට හැකි වන පරිදි එක් ස්ථානයක් හරහා අපගේ මෙහෙයුම් කටයුතු ශක්තිමත්ව  ඉදිරියට කරගෙන යා හැකියි.” යනුවෙන් හේලීස් ඇඞ්වාන්ටිස් හි කළමණාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා ප‍්‍රකාශ කරයි.

විවිධාංගීකරණය වූ සමාගම්වල අවශ්‍යතා වලට සරිලන පරිදි නිර්මාණය කර ඇති ALC බෙදාහැරීමේ මධ්‍යස්ථානය, ලොව පුරා සිටින වෙළෙඳනාම හා වෙළඳ නාමයන්ට සහ  භවතුන්ට ඔවුන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලමින් භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධ සේවයන් ලබාදෙන මධ්‍යස්ථානයකි. ස්වයංක‍්‍රීයකරණය සහ ඩිජිටල්කරණය කෙරෙහි අවධානය යොමු කරන ඉහළ පෙළේ තාක්ෂණයන් සහ නිෂ්පාදන කළමනාකරණ පද්ධතිවලින් සමන්විත මෙම මධ්‍යස්ථානය කොළඹ වරායට, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ අධිවේගී මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

”වසංගතය ආරම්භයත් සමඟ මෙහෙයුම් කාර්යක්ෂමතාව, ධාරිතාව සහ සේවා මට්ටම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පසුගිය වසර දෙක තුළ ව්‍යාපාර වේගයෙන් දියුණු වී තිබෙනවාx අපගේ මෙම පහසුකම පුළුල් කිරීම මගින් අපගේ සේවාදායකයින්ගේ ක‍්‍රමිකව වර්ධනය වන අවශ්‍යතා සම්පුර්ණයෙන්ම සපුරාලීම සඳහා වැඩි වේගයක් හා නම්‍යශීලිත්වයක් ලබා දෙනවා.’’ යනුවෙන් Advantis 3PL Plus හි අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ශෙරාන් අබේසුන්දර මහතා පවසයි.

Visits: 696