DHL Express Sri Lanka වෙත Great Place to Work® 2021 හිදී විවිධ කාණ්ඩ යටතේ ඉහළ සම්මාන

ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 40 න් එකක් ලෙස නැවත වරක් DHL Express Sri Lanka ශ්‍රේණිගත කර ඇති බව එම සමාගම නිවේදනය කරයි.

සමාගම විසින් 2021 වසරේ පැවති Great Place to Work® – Sri Lanka සම්මාන උළෙලේදී රන් සහ රිදී සම්මාන දිනා ගනු ලැබූ අතර එය දශක හතරකට වැඩි කාලයක් පුරා සංස්කෘතික හා සහයෝගීතාවය මත පදනම් වූ සේවකයින් කේන්ද්‍ර කරගත් වැඩ බිම් පරිසරයක් ඉස්මතු කිරීම හරහා මෙම ජයග්‍රහණ ලබා ගැනීමට සමාගම සමත්ව ඇත. 

එම ගෞරව සම්මාන අතරට 2021 වසරේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථානය ලෙස නම් කිරීම, ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 40 න් එකක් ලෙස ලැයිස්තුගත වීම, බහු ජාතික කාණ්ඩය සඳහා රන් සම්මානයද, මධ්‍ය පරිමාණ සංවිධාන කාණ්ඩය සඳහා රිදී සම්මානය සහ DHL Express ලොව අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස පත්වීම සඳහා DHL Express Sri Lanka හි දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානයද හිමි විය.

වසර හතකට ආසන්න කාලයක් පුරා DHL Express Sri Lanka,සේවයට සුදුසු හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව සම්මානයට පාත්‍ර වී ඇති අතර ඒ තුළින් සේවකයින් සඳහා වටිනා සංස්කෘතියක් සහ සේවා පරිසරයක් නිර්මාණය කිරීමේදී සමාගම දක්වන වැදගත් ප්‍රමුඛතාවයන් පෙන්නුම් කරනු ලබයි.

මෙම වසරේ ක්‍රමවේදය මඟින් විශ්වාසය මත පදනම් වූ ඇගයීම, මානව හැකියාවන් උපරිම කිරීම, වටිනාකම්, නායකත්ව කාර්යක්ෂමතාව, සියලු දෙනාගේ නව්‍යකරණය සහ මූල්‍ය වර්ධනය මත පදනම්ව හොඳම සේවා ස්ථාන තක්සේරු කිරීමේ වඩාත් වෙනස් වූ ආකෘතියක් හඳුන්වා දෙන ලදී. මෙම වසරේ Great Place to Work® විසින් COVID-19 වසංගතය තුළ ආයතන තම සේවකයින්ට දක්වන සැළකිලිමත් භාවය, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට සහය වන ආකාරය සහ ඔවුන්ගේ ප්‍රජාවන් තුළ වෙනසක් සිදු කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කොට හඳුනා ගන්නා ලදී.

2021 Great Place to Work® හඳුනා ගැනීම විශේෂයෙන් වැදගත් වන්නේ වසංගතය හේතුවෙන් බලපෑම් ඇති වූවද, දැවැන්ත රැකියා අභියෝග ඇති වූවද, DHL Express Sri Lanka සැළකිලිමත් සංස්කෘතියක් පෝෂණය කරමින් සේවා ස්ථානය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ ගවේෂණයක නිරතව සිටීමය.

DHL Express Sri Lanka හි ප්‍රධාන කළමනාකරු දිමිත්‍රි පෙරේරා මහතා මේ සම්බන්දයෙන් මෙසේ අදහස් පැවසීය.”DHL Express Sri Lanka සැබවින්ම හොඳම සේවා ස්ථානයක් බවට පත් කිරීම සඳහා අප කණ්ඩායම දිනපතා කරනු ලබන සියලුම කාර්යයන් පිළිබඳව මම අතිශයින් ආඩම්බර වෙනවා. මෙම පිළිගැනීම් අපගේ ආයතනික දර්ශනයට ගුණාත්මක ලකුණක් වන අතර එය අපගේ සේවකයින්ගේ වෙහෙස මහන්සිය නැවත වරක් අවධාරණය කරයි. වසංගත තත්ත්වයේ වෙනස්වීම් සහ අභියෝගාත්මක ස්වභාවය තුළ, හොඳම දක්ෂයින් ආකර්ෂණය කර ගන්නා සංස්කෘතියක් අප සතුව පවතින බැවින් අපගේ කණ්ඩායමට අවධානයෙන් සිටීමට සහ ඔරොත්තු දීමේ හැකියාවක් තිබේ. අපගේ නවෝත්පාදන වේගවත් කරන, අපගේ ගනුදෙනුකරුවන් සතුටු කරන සහ අපගේ ප්‍රජාවන්ට සහාය දෙන සෑම සේවකයෙකුටම ඔවුන්ගේ අධිෂ්ඨානය වෙනුවෙන්මම ස්තූති වන්ත වෙනවා.”

DHL Express ශ්‍රී ලංකාව තුළ දේශීය ශ්‍රේණිගත කිරීම්හිදී පවා එහි මව් සමාගමේ තත්ත්වය පිළිබිඹු කරයි.Fortune සඟරාව සමඟ එක්ව Great Place to Work™ (GPTW) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ලැයිස්තුවට අනුව ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සපයන්නා වන DHL Express ලොව අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස මෑතකදී නම් කරන ලදී.

GPTW සමීක්ෂණය මඟින් 2020 වසරේ සමාගමේ 93% ක ලකුණු ප්‍රමාණය ඉක්මවා කාර්ය මණ්ඩල අභිප්‍රේරණය සහ නියැලීමේ මට්ටම් ඉහළ ගොස් ඇති බව වාර්තා කර ඇත. DHL Express මෙම අභියෝගාත්මක කාලය පුරාවටම රැකියා සුරක්ෂිතභාවය සහ කාර්ය මණ්ඩල යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සහ සබඳතා පවත්වා ගනිමින් සහයෝගයෙන් සිටින බවට සහතික කර ඇත.

සිය මානව සම්පත් ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානය වන්නේ සේවක තෘප්තිය බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DHL Express Sri Lanka හි මානව සම්පත් ප්‍රධානී තාරක ද සිල්වා මහතා පවසයි. ”අපගේ අරමුණ වන්නේ සේවකයින් සහ සමාගම අතර විශ්වාසය මත වඩා හොඳ සේවා ආයතන සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ ගොඩනැගීමයි. අපගේ සේවකයින්ට ඉහළ විශ්වාසනීය අත්දැකීමක් ඇති විට ඔවුන් වඩා හොඳ ව්‍යාපාර ප්‍රතිඵල ගෙන දෙනවා. එය අපට වැදගත් වන අතර අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට උපකාර කරන විට එම වෙනස ඇති වන බව අපි දන්නවා.”

Visits: 76