සෙලින්කෝ ලයිෆ් – මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ‘වඩාත්ම ජනප්‍රිය සේවා සම්පාදකයා’ වෙයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ගේ තෘප්තිමත් මට්ටම තක්සේරු කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත්ම ජනප‍්‍රිය සේවා සම්පාදකයා’ ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රවී තිබේ. 

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම පාරිභෝගික සේවා සමීක්ෂණයේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ අංක එක බවට පත් වූ අතර මෙම සමීක්ෂණයෙන් බැංකු, ගුවන් සමාගම්, හෝටල්, ස්පා සහ වෙල්නස් සෙන්ටර් ඇතුළු විවිධ වූ අංශ 22 ක සමාගම් ආවරණය විය.

මෙම සමීක්ෂණයේ ප‍්‍රතිඵල පිළබඳව අදහස් දක්වමින් LMD සඳහන් කරන්නේ පසුගිය වසරේ මුල් කාලයේදී කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට පාරිභෝගික සේවා සංකල්පය වෙනස් වූ බවත් ව්‍යාපාර විසින් සාම්ප‍්‍රදායික වශයෙන් ලබාදුන් අත්දැකීමට බාධා සිදුවී නව මානයක් කරා මෙහෙයුම් කටයුතු ගමන් ගත් බවයි. මීට අමතරව, මෙම වසංගතය පාරිභෝගිකයාගේ බලාපොරොත්තුද වෙනස් කර තිබෙන අතර මෙම බලාපොරොත්තු ඉටුකරමින් සේවා මට්ටම පවත්වාගෙන යාම සඳහා මෙම ව්‍යාපාරික ස්ථාන වලට නව අභියෝග මාලාවක් ඇතිවී තිබෙන බවද මෙහිදී LMD සඳහන් කර තිබේ. මේ අනුව, මෙම සමීක්ෂණය නව ඩිජිටල් යුගය ඇතුළු දේශීය තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයාගේ තෘප්තිමත් මට්ටම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ඉවහල් විය.   

සමාගම විසින් ලබාගත් නවතම ජයග‍්‍රහණය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම වසංගතය නිසා සමාගම් මුහුණදුන් මූලිකම අභියෝගය සේවකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමයි. පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා පෙර සිටම ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමේ සංස්කෘතියක් ඇතිකර තිබූ නිසා සෙලින්කෝ ලයිෆ් මෙම තත්ත්වය තුළ ඉදිරියට යෑමට හැකි වුණා. වසංගත කාලය තුළදී මෙම ඩිජිටල් මෙහෙයුම් කටයුතු අවශ්‍ය වූ විට අපි ඉතාමත් ඉක්මනින් මෙම ක‍්‍රියාවලිය වඩාත් හොඳින් සකසා ගත්තා. මේ අනුව, සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයාට ලබාදෙන සේවාව සහ ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය සම්පූර්ණයෙන්ම නව තලයකට රැගෙන එමින් පාරිභෝගිකයාට ලබාදෙන සේවාව තව තවත් දියුණු කිරීමට අපිට හැකිවුණා.’

පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී සංචරණ සීමාවන් සහ අනිකුත් සුරක්ෂිත ක‍්‍රියා මාර්ග ක‍්‍රියාත්මක වූ විට සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියන්ගේ අවශ්‍යතාවය ඉටුකරමින් බහුවිධ අන්තර්ජාල ගෙවීම් සහ සන්නිවේදන විකල්ප මාලාවක් මෙන්ම හිමිකම් ගෙවීමේ පහසුකම් ආරම්භ කරන ලදී.

සමාගම විසින් රක්ෂණ ඔප්පු ලබාගැනීමේ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම සහ සරල අන්තර්ජාල රක්ෂණ සහ විශ‍්‍රාම සැලසුම් නිර්මාණය කර ප‍්‍රවර්ධනය කිරීම මෙන්ම සමාගමේ ඊ-යොමුකිරීමේ පද්ධතිය මගින් පාරිභෝගිකයින්ට පහසුවෙන් සකස්කර ගැනීමේ අවස්ථාව ලබාදීම නිසා සමාගමේ වෙළෙඳ නියෝජිත කාර්ය මණ්ඩලයට පාරිභෝගිකයින් ළඟට නොගොස් අලෙවි කටයුතු කිරීමේ අවස්ථාව ලබා දෙන ලදි. මෙයට ඩිජිටල් අත්සන් කිරීමේ කටයුතු සහ ගෙවීමේ කටයුතු ද ඇතුළත් වූ බව සමාගම සඳහන් කරයි. සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වනවිටත් සිය වෙළෙඳ නියෝජිතයින්ට ටැබ් පරිගණක ලබාදී තිබෙන නිසා පාරිභෝගිකයින් මුහුණට මුහුණ හමු නොවී සිය අලෙවි කටයුතු කිරීමේ අවස්ථාව උදාකර දී ඇත.

LMD සඟරාවේ ‘පාරිභෝගික සේවා විශිෂ්ටත්වය’ සඳහා වූ අන්තර්ජාල සමීක්ෂණය සඳහා 2021 ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සති 09 ක කාලය තුළදී ප‍්‍රතිචාර 2200 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබේ. මෙම ඡුන්ද විමසීම www.LMD.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත් වූ අතර මේ සඳහා සහභාගී වූවන්ට සේවා විශිෂ්ටත්වය යටතේ එක් එක් අංශවල සිය ප‍්‍රියතම සමාගම් නම් කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි. මෙහිදී, ඒ ඒ අංශවල වැඩිම ඡන්ද ප‍්‍රමාණය හිමිකර ගත් ආයතන ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය සේවා සම්පාදනයින් ලෙස නම් කරන ලදී. 

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

Visits: 95