ධම්මික පෙරේරාගේ DP Education වෙතින් දඹාන කණිෂ්ඨ විදුහලට ටැබ් 17ක්

සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ප්‍රිසිලා පෙරේරා මහත්මිය විසින් පිහිටුවා ගෙන ඇති ලාභ අරමුණු කර නොගත් අධ්‍යාපනික පදනමක් යන DP Education මගින් පසුගියදා දඹාන කණිෂ්ඨ විදුහලට ටැබ් උපාංග 17ක් ප්‍රදානය කිරීමක් සිදු කළ බව පවසයි.

ඒ අනුව මෙම උපාංග විදුහලේ 5 ශ්‍රේණිය සිසුන් සහ එම පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු 5 ශ්‍රේණිය ගුරු මණ්ඩලය අයිතියට පත් කිරිම සිදු කළ බවත් DP Education සඳහන් කරයි.

මීට පෙර DP Education මගින් සාන්ත අලව්ෂියස් විදුහලට සහ සාන්ත පාවුලු පාසැලටද DP Education Digital Classroom දෙකක් ලබාදීමද සිදු කර තිබේ.

DP Education පදනම මූලික වශයෙන් DP Education, DP Digital University, සහ DP Kids යන අංශ 3 න් සමන්විත වේ. මේ අතරින් DP Education ආයතනය 3 වසරේ සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් ගණිතය, ඉංග්‍රීසි සහ විද්‍යා විෂයන් ඉගැන්වීම සිදුකරයි.

DP Education යනු 2019 වසරේදී ආරම්භ කරන ලද, ලාභ අරමුණු කර නොගත් අධ්‍යාපනික පදනමකි. එහි මූලික ඉලක්කයන් වන්නේ තරගකාරී සමාජයක් ගොඩනැංවීම සඳහා ඩිජිටල් සහ දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයන් ඔස්සේ ඉගැන්වීමේ හා ඉගෙනීමේ සම්ප්‍රදායන් පරිවර්තනයකට ලක් කිරීම සහ දිවයින පුරා සිටින දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් හිමිවන බව සහතික කිරීම බව පවසයි.

Visits: 104