ෆර්ස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී මූලික කොටස් නිකුතුවට අධි දායකත්වයක්

ජනශක්ති සමූහයට අයත් ෆර්ස්ට් කැපිටල් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක ෆර්ස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සමාගම ඊයේ විවෘත කළ සිය මූලික මහජන කොටස් නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව නිවේදනය කරයි.

ඒ අනුව මෙහිදී අදාළ මූලික මහජන කොටස් නිකුතුව හරහා නිකුත් කෙරුණු සමාගමේ කොටස් 7,695,000ක්  සඳහා රුපියල් 300,105,000කට අධික වටිනාකමින් යුත් ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් සිය සමාගම වෙත ලැබී තිබෙන බවත්  ෆර්ස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී සඳහන් කරයි.

මෙම අධි දායකත්වයත් සමගින්ම මෙම මූලික මහජන කොටස් නිකුතුව සදහා අයැදුම් පත් භාර ගැනීමත් ඊයේ පස්වරු 4.30ට අවසන් කිරීමටත් සමාගම තීරණය කර තිබේ.

Visits: 158