“ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, ද.දේ.නිෂ්පාදනයෙන් 4.37% ක් දක්වා ප්‍රගතියක්” – ICTA හා UNCTAD පවසයි

මෙරට ඩිජිටල් කර්මාන්ත අංශයේ ආර්ථික නිෂ්පාදන ප්‍රගතිය දළජාතික නිෂ්පාදනයේ  4.37% ක කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව තොරතුරු හා සන්නිවේදනතාක්ෂණ නියෝජිතායතනය හා  (ICTA) එක්සත් ජාතීන්ගේ සංවර්ධන සමුළුව (UNCTAD) එක්ව ඉදිරිපත් කළ පත්‍රිකාවකින් පෙන්වා දෙයි. 

‘ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, ජාතික ඉලක්ක සහ දකුණෙන් පාඩම්’ යන මැයෙන් ඉදිරිපත් කළ මෙම  මෙම පත්‍රිකාව මගින්  ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබද  ප්‍රතිපත්තිය එළිදක්වන ලදී. වර්තමානයේ  ඩිජිටල් ලෝකයේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන මහජන චීන සමුහාණ්ඩුවේ ඩිජිටල් ආර්ථිකයට සමගාමිව, ශ්‍රී ලංකාවේ එම අංශයේ මංසලකුණු  සනිටුහන් කිරීමට මෙමගින්  අත්වැල් සපයයි. ශ්‍රිලංකාවේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කිරීමේ මෙම උත්සවය  ඉකුත්දා  අන්තර් ජාලය ඔස්සේ පැවත්විණි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවති, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති පත්‍රිකාව එළි දැක්වීමේ උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ය. ඉන්දුනීසියාවේ ආර්ථික හා මූල්‍ය සංවර්ධන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය තවුහිඩ් අහමඩ් මහතා උළෙලෙහි ප්‍රධාන දේශකයා වූ අතර,  UNCTAD ආයතනයෙහි ආර්ථික කටයුතු නිලධාරී ආචාර්ය Piergiuseppe Fortunato විසින් පිළිගැනීමේ දේශනය පවත්වන ලදී.

පත්‍රිකාව පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ රැස්ව සිටි පිරිසට හඳුන්වා දීමෙන් අනතුරුව, ICTA ආයතනයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ චානුක වත්තේගම මහතා පත්‍රිකාවේ ඇතුළත් තොරතුර ප්‍රේක්ෂකයින් හමුවේ ඉදිරිපත් කළේය. ICTA ආයතනයේ Startup Ecosystem Development හි අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න මහතා විසින් මෙම උළෙල සාර්ථක ලෙස මෙහෙයවන ලදී. 

ශ්‍රී ලංකාව, ඩිජිටල් ක්ෂේත්‍රය තුළින් දියුණු වෙමින් පවතින ලොව අනෙක් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන රටකි. වර්තමානය වන විට ජනගහනයෙන් 60% කට වඩා වැඩි ප්‍රතිශතයක් සතුව ජංගම දුරකතන පවතින අතර, ඊට සමගාමීව සැලකිය යුතු පිරිසක් නිතිපතා අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමද වර්ධනය  වී තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකාව පශ්චාත් කෝවිඩ් 19 සමයෙහි ආර්ථික ප්‍රගතිය අතින් සුබවාදී දැක්මක් අනුව කටයුතු කර තිබෙන බවද, පත්‍රිකාවෙහි සඳහන් ය.

වර්තමාන ශ්‍රී ලංකාවෙහි කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගනිමින් තිබෙන ඩිජිටල් ක්ෂේත්‍රය රටෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.37%කට ප්‍රතිශතයක් කරා ළඟා වෙමින්, 2024 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3.47 කට හිමිකම් කීමට අපේක්ෂිතය. එමෙන්ම, 2018 වසර වන විට125,000 ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ICT/BPM ශ්‍රම බලකාය, අනාගතයේදී 300,000 දක්වා වර්ධනය කරලීමට අපේක්ෂාවයි.  

ශ්‍රී ලංකාව, 2019 දෙසැම්බර් මාසයේදී සම්මත කරගත් සෞභාග්‍යයේ දැක්ම, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව, ‘තාක්‍ෂණය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම’ ජාතික කර්තව්‍යයක් වශයෙන් හඳුනා ගනිමින්, ප්‍රධාන ප්‍රතිපත්ති 10 ක් යටතේ මෙරට ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට නියමිතය. එමගින්,ඵලදායී පුරවැසියන් බිහිි කිරීම, තෘප්තිමත් පවුලක් ගොඩ නැගීම, විනයගරුක හා සාධාරණ සමාජයක් ගොඩ නැගීම සහ සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිතය.

තොරතුරු තාක්ෂණය සම්බන්ධ රජයේ ප්‍රධානතම ආයතනය ලෙසින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ කාර්යයට උර දීම ICTA ආයතනය වෙත පැවරිණි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සකස් කිරීමේ හා ක්‍රියාවට නැංවීමේ කාර්යයයෙහි ආයතනය මේ වන විට නියැළී සිටියි. ICTA ආයතනයෙහි විෂය පථය, රජයේ ක්ෂේත්‍රය ආර්ථිකය හා සමාජය ඩිජිටල්කරණය කිරීම යන ප්‍රධාන කාරණා ඔස්සේ පෙළ ගස්වා තිබේ.

එමෙන්ම, ඩිජිටල් ආර්ථික උපායමාර්ගය  ප්‍රධාන තේමා පහක් යටතේ, එනම්: තාක්ෂණ කර්මාන්ත සංවර්ධනය; ආරම්භක පරිසර පද්ධති සංවර්ධනය; තාක්ෂණික ව්‍යාප්තිය,ධාරිතා සංවර්ධනය සහ ප්‍රාදේශීය පොකුරු සංවර්ධනය. ඩිජිටල් නීති හා  ප්‍රතිපත්ති යනාදිය සංවර්ධනය කළ යුතු අංශ ලෙසින් හඳුනාගෙන තිබේ. 

උළෙලෙහි පිළි ගැනීමේ දේශනය පවත්වමින්‍, ආචාර්ය Piergiuseppe Fortunato පෙන්වා දුන්නේ, “ගෝලීය ආර්ථික වෙනස්වීම් වලින් ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගත යුතු” බවයි. ඉල්ලුමට අනුව සැපයුම හා බලතුලනය වෙනස් වන අතර, ඒවාට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රම සහ බෙදා හරින ආකාරය ද වෙනස් වෙයි. බිග් ඩේටා   හේතුවෙන් වත්මන් ගෝලීය සැපයුම් දාමය ද වඩාත් අන්තර්ජාල නැඹුරුවක් සහිත ප්‍රවණතාවයක් ගෙන ඇති අතර, නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම් සිදු කිරීමද ප්‍රයෝජනවත් වේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිපත්ති රාමුව සකස් කෙරෙන්නේ, මෙම බිග් ඩේටා වෙත  පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම පිණිස ය. සමාගම්වලට බිග් ඩේටා භාවිතය පහසු කිරීමට පත්‍රිකාවෙහි සඳහන් මෙවලම් භාවිතයට හැකියාව සැලසීම අවශ්‍ය කරුණකි. සිය රටෙහි ඩිජිටල් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා චීනය මේ දක්වා අනුගමනය කර ඇති  පියවර මගින් මෙම කරුණු සනාථ වන බවද හෙතෙම සඳහන් කළේය.

අද වනවිට ලොව වඩාත් දියුණු ඩිජිටල් ආර්ථිකයකට හිමිකම් කියන, දකුණු කොණේ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවෙන් උගත හැකි පාඩම් මොනවාද යන්න පත්‍රිකාව ඉදිරිපත් කරමින් චානුක වත්තේගම මහතා අවධාරණය කළේය. එරට ඩිජිටල් ආර්ථික සංවර්ධනය, චීන රජයේ හිතකර ප්‍රතිපත්ති වල ඍජු ප්‍රතිඵලයක් බවද ඔහු පෙන්වා දුනි.

රට තුළ ජාල යටිතල පහසුකම් නැංවීම, රටේ ආර්ථිකය සමග  ඩිජිටල් අන්තර් සම්බන්ධතාව වැඩි කිරීම හා පුළුල් කිරීම මෙන්ම සෑම ක්ෂේත්‍රයකම තොරතුරු තාක්ෂණය වැඩිදියුණු කිරීම ආදිය එම ප්‍රතිපත්තිවලට ඇතුළත් විණි. එමෙන්ම, සැපයුම් අංශය කෙරෙහි පමණක් අවධාරණය අවධානය යොමු නොකර,  ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පරිසරය සකස් කිරීම පිණිස, චීන රජය විසින් අනුගමනය කළ පැහැදිලි උපාය මාර්ග හේතුවෙන් මෙම ඩිජිටල් පරිවර්තනය කරා යාමට චීනයට හැකිව තිබේ. දත්ත පාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් අනුගමනය කරනු ලබන ඩිජිටල් ආර්ථික සංවර්ධනයෙහි ප්‍රධාන සම්පතක් වශයෙන් මෙහිදී දත්ත හඳුන්වා දෙනු ලැබිණි. 

උළෙලෙහි අදහස් දක්වමින් ජයන්ත ද සිල්වා මහතා මෙලෙස සඳහන් කළේ, ලෝකයේ ඩිජිටල් පරිවර්තනයට සමගාමීව, ශ්‍රී ලංකාවෙහිද වෙනස්කම් සිදු කිරීම සඳහා  පත් වූ  රජයන් විසින් සුවිශාල කාර්ය භාරයක් සිදු කර ඇති අතර, ඒ සඳහා  සැලසුම් රාශියක් ද සකස් කර තිබෙන බවයි.

රට තුළ අති නවීන පහසුකම්වලින්  සමන්විත “තාක්ෂණික උද්‍යාන” ඉදිකිරීම මගින් බහු ජාතික සමාගම්හරහා ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම ප්‍රධාන අරමුණක් වන අතර, එවැනි තාක්ෂණික උද්‍යාන දෙකක ඉදි කිරීමේ කටයුතු මේ වන විටත් සිදු වේ. එහි ප්‍රතිපලයක් වශයෙන්, පුහුණු තාක්ෂණික ශ්‍රමිකයන් රට තුළම රඳවා ගනිමින්,  රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට  අපේක්ෂිත  බවද, හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ඩිජිටල් යෙදවුම් සහිත රටක් බවට පත් කිරීමේ දැක්මෙන් යුතුව කටයුතු කරන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), රටෙහි ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීමේ ලා පුරෝගාමීව කටයුතු කරන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා නිරතුරුවම ඵලදායී ඩිජිටල් විසඳුම් පිරිනැමීමට උත්සාහ දරයි. ICTA ආයතනය  පිළිබඳ වැඩි විස්තර www.icta.lk වෙත පිවිසීමෙන් දැනගත හැකිය. 

එළිදක්වන ලද ඩිජිටල් ප්‍රතිපත්ති පත්‍රිකාව UNCTAD ආයතනයෙහි පහත වෙබ් අඩවිය මගින් දැක ගත හැකි වේ. (https://unctad.org/system/files/official-document/BRI-Project_RP15_en.pdf) and ICTA (https://www.icta.lk/summary-digital-economy-of-sri-lanka-national-goals-and-lessons-from-the-south/)

Visits: 131