කොමර්ෂල් බැංකුවේ ප්‍රේෂණ ගනුදෙනුකරුවන්ට ‘ඩබල් චාන්ස්’ ප්‍රවර්ධන වැඩසටහනෙන් මුදල් ත්‍යාග

උත්සව සමය ප‍්‍රබෝධමත් කරමින් කොමර්ෂල් බැංකුව දියත් කර ඇති ඩබල් චාන්ස් ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 50,000 දක්වා, බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 24 දෙනෙකුට ඔවුන් ලබන මුදල දෙගුණ කර ගැනීමට අවස්ථාව සලසයි.

නොවැම්බර් 1 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ සෑම සතියකම  කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් තිදෙනකුට ‘ඩබල් චාන්ස්’ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 1.2ක මුදලින් මෙම මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදාවන බව බැංකුව පවසයි.

පිටරට සිට මුදල් එවීම සඳහා ස්ථාපිත කර ඇති බැංකුවේ පේ‍්‍රෂණ සේවාව වන ‘ComBank RemitPlus’ හරහා මුදල් ලබන්නන් සහ ප‍්‍රවර්ධන කාලසීමාව තුළ කොමර්ෂල් බැංකු ගිණුමකට හෝ පේ‍්‍රෂණ ගිණුමකට සෘජුවම පේ‍්‍රෂණ ලබාගෙන ඔවුන්ට සමීප කොමර්ෂල් බැංකු ශාඛාවකින් මුදල් ලබා ගන්නා අය මෙම ‘ඩබල් චාන්ස්’ දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි.

කොමර්ෂල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතිත්වය අගය කරමින් බැංකුව වෙත සෘජු මුදල් පේ‍්‍රෂණ දිරිගැන්වීම සඳහා සහ බැංකුවේ ‘RemitPlus’ යෙදුම සහ පේ‍්‍රෂණ කාඞ්පත භාවිතා කිරීමේ ප‍්‍රතිලාභ ප‍්‍රචලිත කිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. සතිපතා පැවැත්වෙන දිනුම් ඇදීම් තුළින් වාසනාවන්ත ජයග‍්‍රාහකයන්ට හිමිවිය යුතු මුදල් ත්‍යාග දිනුම් ඇදීමේ දිනයේදීම ඔවුන්ගේ කොමර්ෂල් බැංකු ගිණුම්වලට බැර කෙරේ. කොමර්ෂල් බැංකු ගිණුමක් නොමැති ජයග‍්‍රාහකයන්ට ත්‍යාග මුදල බැර කිරීම සඳහා බැංකුවේ ගිණුමක් ආරම්භ කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

ජයග‍්‍රාහකයින්ගේ විස්තර බැංකුවේ සමාජ මාධ්‍යවල මෙන්ම ‘RemitPlus’ යෙදුමෙහි ද ප‍්‍රකාශයට පත් කරන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ ක්ෂණික මුදල් හුවමාරු සේවාව වන ‘RemitPlus’ මඟින් විදේශයන්හි ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන්ට ලොව පුරා රටවල් ගණනාවකින් ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමට හැකියාව ලැබේ. නවීන, අඩු වියදම්, තත්‍ය කාලීන, මාර්ගගත මුදල් හුවමාරු පහසුකමක් වන ‘RemitPlus’ වෙත පේ‍්‍රෂණ කරන්නන්ට නියෝජිත ජාලයක් හරහා ප‍්‍රවේශ විය හැක. රටවල් 130කට වැඩි ප‍්‍රමාණයක පේ‍්‍රෂණ සඳහා බැංකුවේ ව්‍යාපාරික හවුල්කරුවන් පේ‍්‍රෂණ සේවා සපයන අතර එමගින් එම මුදල දවසේ  ඕනෑම වේලාවක, වසරේ  ඕනෑම දිනක අදාළ කොමර්ෂල් බැංකු ගිණුම් වෙත ක්ෂණිකව බැර කෙරේ.

බැංකුවේ පේ‍්‍රෂණ සේවා භාවිතා කරන අයට පහසුවෙන් පේ‍්‍රෂණ සම්බන්ධ තොරතුරු සහ සේවාවන් වෙත ප‍්‍රවේශ වීම සඳහා පේ‍්‍රෂණ යෙදුමක් වන ‘ComBank RemitPlus’ 2019 දී බැංකුව විසින් දියත් කරන ලදී. iOS සහ Android මෙහෙයුම් පද්ධති දෙකටම බාගත කළ හැකි මෙම ජංගම යෙදුම තොරතුරු ඇප් එකක් ලෙස ක‍්‍රියා කරන අතර පේ‍්‍රෂණ සම්බන්ධ කටයුතුවලදී පේ‍්‍රෂණ ලබන්නා සහ යවන්නා යන දෙදෙනාම සම්බන්ධ කරයි. මෙම ඇප් එක භාවිතා කිරීම සඳහා සම්බන්ධ වීමේ ගාස්තුවක් හෝ වාර්ෂික ගාස්තුවක් අය නොකෙරේ.

‘ඩබල් චාන්ස්’ දිනුම ලැබීමට පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ට වාසනාව ලැබුණත් නැතත්, කොමර්ෂල් බැංකුව හරහා සෘජු පේ‍්‍රෂණ ලබන සෑම කෙනෙකුටම ලැබෙන ඇමරිකානු ඩොලරයක්ම හෝ වෙනත් මුදල් ඒකකයක් සඳහා අමතර රු. 2ක් ලැබීමට අවස්ථාව ලැබේ.

Visits: 93