සෙලින්කෝ හෙල්ත්කෙයා මගින් පිළිකා සඳහා ලබාදුන් විකිරණ ප්‍රතිකාර සංඛ්‍යාව 12,000 ඉක්මවයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගම අති නවීන විකිරණ ප‍්‍රතිකාර සහ අනිකුත් ප‍්‍රතිකාර ක‍්‍රම මගින් ප‍්‍රතිකාර කළ පිළිකා රෝගීන් සංඛ්‍යාව 12,000 සීමාව පසුකළ බව නිවේදනය කර සිටියි.

පිළිකා රෝගීන්ට විදෙස් ගත නොවී පිළිකා ප‍්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදෙමින් මීට වසර 14 කට කලින් ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙමින් විකිරණ ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමෙන් පසුව 2021 සැප්තැම්බර් මාසයේදී මෙම සංධිස්ථානය පසුකළ බව සමාගම සඳහන් කරයි.

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගම තවත් දියුණු විකිරණ ප‍්‍රතිකාර ක‍්‍රමයක් වන ටොමෝ තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර සමාගම විසින් ටොමෝතෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් ප‍්‍රතිකාර වලට අමතරව Radioactive Iodine ප‍්‍රතිකාර සහ බ‍්‍රැකීතෙරපි ප‍්‍රතිකාර ලබාදෙයි.

ටොමෝතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය මොලයේ පිළිකා, ඔලූවේ හා බෙල්ලේ පිළිකා සහ පුරස්ථිත ග‍්‍රන්ථියේ පිළිකා සඳහා ප‍්‍රතිකාර කිරීමට සුවිශේෂී වේ. සෑම කොටසකටම ප‍්‍රතිකාර කිරීමට පළමුව ප‍්‍රතිකාර කිරීමේදී වඩාත්ම ප‍්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටදැයි තීරණය කිරීමට චිකිත්සකයින්ට ටොමෝතෙරපි පද්ධතිය උපකාරී වන අතර මේ තුළින් පිළිකා සඳහා අඩුවෙන් ප‍්‍රතිකාර කිරීම වැලකේ. එසේම, මේ නිසා පිළිකාවට සමීප ෙසෙල වලට සිදුවන විකිරණ බලපෑම අවම කර ගැනීමේ හැකියාවද ලැබේ.

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ටෝමෝ තෙරපි ඒකකය මගින් කම්පියුටර් ටොමෝග‍්‍රැෆි ()CT ස්කෑන් තාක්ෂණය භාවිතා කරමින් ඉන්ටෙන්සිටි-මොඩියුලේටඞ් රේඩියෝතෙරපි (IMRT) විකිරණ ප‍්‍රතිකාර මෙන්ම ති‍්‍රමාණ ප‍්‍රතිරූප ආශි‍්‍රත විකිරණ ප‍්‍රතිකාර ක‍්‍රමය (IGRT) වඩාත් දියුණු ඒකාබද්ධ අවස්ථාවක් වන ටොමෝතෙරපි ප‍්‍රතිකාරද ලබාදෙයි. රෝගියාගේ ව්‍යුහය දිනෙන් දිනම වෙනස් විය හැකි නිසා පිළිඹිබු උපදේශන විකිරණ තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් පටකවල අසාමාන්‍ය වැඩිවීමක් හා අඩුවීමක් මෙන්ම බර අඩුවීමක් හෝ අනිකුත් වෙනස් වීමකදී අවශ්‍ය ක්ෂණික වෙනස් කිරීම් කිරීමට වෛද්‍යවරයාට සහයෝගය ලබාදෙයි. 

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගම 2018 වසරේදී Varian මෙඩිකල් සිස්ටම් වෙතින් අළුතින් ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයක් මිලදී ගනිමින් සිය ප‍්‍රතිකාර තාක්ෂණය වැඩිදියුණු කරන ලදී. නව ClinaciX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය මගින් ඉතාමත් නිවැරදිව ශරීරයේ  ඕනෑම ස්ථානයකට,  ඕනෑම ඉරියව්වකින් ශරීරය තුළට විකිරණ ලබාදිය හැකි අතර IMRT, IGRT සහ රෝගියා වෙත කෙටි කදම්බ සංඛ්‍යාවක් යොදා ගනිමින් පිළිකා ස්ථාන ඉතා හොඳින් ඉලක්ක කර ප‍්‍රතිකාර ලබාදිය හැකි ති‍්‍රමාණ කොන්ෆෝමල් රේඩියෝතෙරපි යන ප‍්‍රතිකාරයන් මෙමගින් සිදුකළ හැකි වේ. පියයුරු, උදර, පෙනහළු ඇතුළු විවිධ පිළිකා මාලාවක් සඳහා ප‍්‍රතිකාර ලබාදීමට මෙම යන්ත‍්‍රය භාවිතා කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ රෝහලක් විසින් බ‍්‍රැකීතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය ලබාදෙන මෙරට එකම මධ්‍යස්ථානය සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් වන අතර රුපියල් මිලියන 15 ක අයෝජනයකින් මෑතක වැඩිදියුණු කළ සමාගමේ ප‍්‍රතිකාර සැලසුම් සහ ප‍්‍රතිකාර පද්ධති මගින් මෙම ප‍්‍රතිකාර ලබාදෙයි. බැකීතෙරපි ප‍්‍රතිකාර මගින් ගැබ්ගෙල සහ ගර්භක්ෂේත‍්‍රයෙහි පිළිකා මෙන්ම අන්නසෝත‍්‍ර, හිස සහ බෙල්ල, යෝනිමාර්ගයේ, ගුදමාර්ගයේ සහ පෙනහළු පිළිකා සඳහා ප‍්‍රතිකාර ලබාදීමටද මෙම ක‍්‍රමය භාවිතා කරයි. මෙම වැඩිදියුණු කිරීමෙන් පසුව පිළිකා රෝගීන්ට මෙම මධ්‍යස්ථානයෙන් ලොව අග‍්‍රගන්‍යම තාක්ෂණය භාවිතා කරමින් වඩාත් නිවැරදිම ප‍්‍රතිකාර ලබාගත හැකි අතර ඒ සඳහා ත‍්‍රිමාණ තාක්ෂණය භාවිතා කරන නව මෘදුකාංගයක් භාවිතා කරයි. මීට අමතරව, මෙම මධ්‍යස්ථානය ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ලබාදීම සඳහා භාවිතා කරන තාක්ෂණයද මේ සමග වඩාත් වැඩි දියුණු කර ඇත. 

අධි තයිරොයිඩතාව (hyperthyroidism) සඳහා Radioactive Iodine ප‍්‍රතිකාර මෙම මධ්‍යස්ථානය මගින් ලබාදෙන අතර එය එක මාත‍්‍රාවක් ලෙස ලබාදෙයි. එහිදී අතුරු ආබාධ අවම හෝ නොමැතිවීම සිදුවේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම පූර්ණ අනුබද්ධ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විසින් මෙරට වඩාත්ම පළපුරුදු සහ දැරිය හැකි මිලකට පිළිකා ප‍්‍රතිකාර ලබාදෙන පුද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. සමාගම විසින් පිරිනමන ප‍්‍රතිකාර පහසුකම් මඟින් වසරකට ඇමරිකානු ඩොලර් 500,000 ක විදේශ විනිමයක් ඉතිරි කර ගත හැකි වන බව සමාගම සඳහන් කරයි.

Visits: 53