සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කෙරේ

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  (Sarvodaya Development Finance – SDF)සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් වෙතින් අයදුම්පත් භාරගැනීම 2021 නොවැම්බර් 23 දින ආරම්භ වන බව එම සමාගම නිවේදනය කර සිටියි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  යනු දිවයින පුරා ග්‍රාමීය ප්‍රජාවන්ට දියුණුව සඳහා අවස්ථාවන් උදාකර දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ඉලක්ක කරගත් මූල්‍ය සේවා සපයනසමාගමකි. පොදුවේ කාටත් ආර්ථික දියුණුව සාක්ෂාත් කරගත හැකි පසුබිමක් නිර්මාණය කරමින් රටේ සංවර්ධනයට දායක වීම එහි මූලික ඉලක්කය වේ.

ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය සතු කීර්තිය සහ පුළුල් සමාජයීය ආවරණපරාසය ඔස්සේ ඉදිරියට යමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මේ වනවිට නවීන තාක්ෂණය පදනම්කරගෙන පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් සපයන සමාගමක් බවට වර්ධනය වී ඇත. දැනටමත් එම සමාගම රටපුරා පැතිරුණු ශාඛා හා පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 51 ක් ඔස්සේ ගනුදෙනුකරුවන් දහස් ගණනකට මූල්‍ය සේවාවන් ලබාදෙයි.

මෙම කොටස් නිකුතුව, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම නුදුරු අනාගතයේදී වාර්තා කරගනු ඇතැයි පුරෝකථනය කර ඇති ඉහළ ක්‍රියාකාරීත්වය ඔස්සේ ප්‍රතිලාභ රාශියක් අත්විඳීමට ආයෝජකයන්ට අවස්ථාව සලසා දෙනු ඇත. එමෙන්ම එය ඔවුන්ට මෙරට ග්‍රාමීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා දායක වීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වේ. විශේෂයෙන්ම, ඉදිරියේදී පැහැදිලි දියුණුවක් අත්පත්කරගනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාමීව ප්‍රතිලාභ ලැබීමට ඔවුන්ට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

කොටස් නිකුතු ගනුදෙනු PBV අගයට 17% ක වට්ටමක් යටතේ මෙම කොටස් නිකුතුව සිදුකෙරෙන අතර, ඒ ඔස්සේ අනාගත කොටස් ගනුදෙනු වලදී සිදුවන මිල ඉහළ යෑම් සමගින් ආයෝජකයන්ට ඉහළ ප්‍රතිලාභ අත්වනු නිසැක ය.

NDB ඉන්වෙස්ට්මන්ට් බැංකුව මගින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුව තුළදීඑක් කොටසක් රු. 22.00 බැගින්, සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 45,454,546 ක් නිකුත් කිරීමට නියමිත වේ. නිකුතු මිල යටතේ මෙහි පූර්ණ දායකත්වයෙන් අපේක්ෂිත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයරු. බිලියන 3.29 කි. 2022 මූල්‍ය වර්ෂය සඳහා මෙහි Estimated Forward PER මට්ටම 16.17 ක් වන අතර, Implied TTM PER මට්ටම (2021 අගෝස්තු 31 දින වන විට) 11.02x කි.

“සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත්කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. ඩිජිටල්කරණය සහ මූල්‍ යඅන්තර්කරණය වැනි සංකල්ප ඔස්සේ දීර්ඝ කාලයක පටන් මෙරට ග්‍රාමීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට අප සමාගම කටයුතු කර තිබෙනවා. මේ කොටස් නිකුතුව සමගින්, රටේ සංවර්ධනයට දායක වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  සමාගම ගෙනයන ක්‍රියාදාමය සමග එක්වීමට ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් උදාවේවි. මෙය සර්වෝදය සංවිධානයේ සුපුරුදු අරමුණ වන, ‘සාමූහිකව කටයුතු කරමින් සමාජයීය ප්‍රතිලාභ සාක්ෂාත් කරගැනීම’ යන්නෙහි අර්ථය නිරූපණය කරන තවත්පියවරක් ලෙසද හැඳින්විය හැකියි. එමෙන්ම මෙම කොටස් නිකුතුව, පුද්ගලයන් සවිබලගැන්වීම සහ ජීවනෝපායන් වැඩිදියුණුකිරීමයනපරමාර්ථයමුල්කරගෙන, සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන්එක සමාන වටිනාකම් නිර්මාණය කිරීමට අපදරනඅඛණ්ඩ උත්සාහයසඳහාමනා සාක්ෂියක් ලෙසත් පෙන්වා දීමට පුළුවන්.” යනුවෙන්ද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පවසයි.

www.sarvodayafinance.lk පිවිසීම තුළින් මෙම කොටස් නිකුතුව පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීම සහ අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදුකළ හැකි වේ.

Visits: 923