HNB ප්‍රිමියර් ජංගම ගිණුම පාරිභෝගිකයින්ට අසමසම වරප්‍රසාද රැසක් පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී හඳුන්වා දුන් ප‍්‍රිමියර් ජංගම ගිණුම හරහා පාරිභෝගිකයින්ට අසමසම ප‍්‍රතිලාභ සහ සේවාවන් රැසක් පිරිනමා ඇතැයි පවසයි.

”හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී පහසුකම් සහ සේවාවන් රැසක් සමඟින් HNB ප‍්‍රිමියර් ජංගම ගිණුම හඳුන්වා දී තිබෙනවා. මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රටේ විශාලතම වාණිජ බැංකුවක් ලෙස මූල්‍ය විනයක් සහිත පාරිභෝගිකයින්ව දිරිමත් කිරීමට අප සෑම විටම කටයුතු කළා. ඒ සඳහා මෙම නව ජංගම ගිණුම හඳුන්වා දීමට ලැබීම ගැන අප සතුටු වන අතර ඔවුන්ගේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අසමසම සේවාවන් සහ පහසුකම් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේය.

HNB ප‍්‍රීමියර් ජංගම ගිණුම් හිමියන්ට HNB වෙළෙඳ නාමය සහිත චෙක් පොත්, ප‍්‍රමුඛ සේවාවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය/කල්බදු සඳහා විශේෂ ගාස්තු, නොමිලේ අන්තර්ජාල බැංකු පහසුකම, චෙක්පත් ගනුදෙනු විස්තර ද ඇතුළුව HNB Alert සේවාව නොමිලේ ලබා දීම සහ තෝරාගත් ණය පහසුකම් සඳහා ලේඛන ගාස්තුවලට වට්ටම් ඇතුළුව ප‍්‍රතිලාභ රැුසක් හිමි වේ.

තමන්ගේ HNB ජංගම ගිණුමේ රු. 200,000 ක් හෝ ඊට වැඩි සාමාන්‍ය ශේෂයක් පවත්වාගෙන යන ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ගිණුම් ප‍්‍රිමියර් ගිණුමක් බවට හරවා ගන්නා ලෙසට HNB ඇරයුම් කරයි. මෙම නිර්ණායක සපුරාලන සෙසු බැංකුවල ජංගම ගිණුම් හිමියන් හටද ප‍්‍රිමියර් ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව තිබෙන අතර ඒ සම්බන්ධයෙන්  ඕනෑම HNB ශාඛාවකින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. පුද්ගලික ගනුදෙනුකරුවන්ට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම පුණ්‍යායතන හා සමිති සමාගම් වැනි ආයතන සඳහාද මෙම ගිණුම විවෘත කළ හැකිය.

වර්තමානයේදී, HNB හි ජංගම ගිණුම මගින් පාරිභෝගිකයින්ට සුවිශේෂී පහසුකම් රාශියක් ලබා දෙයි. ඒ අනුව ක්ෂණික චෙක්පත් නිශ්කාශනය, දිවයින පුරා පිහිටි 254ක් වූ HNB හි  ඕනෑම පාරිභෝගික මධ්‍යස්ථානයකින් හෝ 780 කට අධික ATM යන්ත‍්‍ර හා මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර හරහා පාරිභෝගිකයින්ට පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව මෙන්ම දේශීය හෝ ගෝලීය වශයෙන්  ඕනෑම වීසා පහසුකම ඇති ATM යන්ත‍්‍රයක් හරහා බැංකු කටයුතු වෙත ප‍්‍රවේශ වීමට ද හැකියාව උදාවෙයි.

නොමිලේ e-statement, අන්තර්ජාල බැංකුකරණය, මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර හරහා පැය 24 පුරාවටම මුදල් තැන්පතු පහසු කරන මුදල් තැන්පත් කිරීමේ කාඞ් පත්, ATM හරහා මුදල් ආපසු ගැනීම සහ මිලදී ගැනීම් හිදී නොමිලේ කෙටි පණිවුඩ ඇඟවීම් සහිත zzVISA HNB Super Shopper Debit’’ කාඞ්පතක් හිමිවීම මෙයින් හිමි වන අනෙකුත් ප‍්‍රතිලාභ වේ.

Visits: 86