ACL ප්ලාස්ටික්ස් පිඑල්සී වෙතින් රුපියල් 10.00 බැගින් අවසන් ලාභාංශයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ACL ප්ලාස්ටික්ස් පිඑල්සී සමාගම (APLA.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10.00 ක් බැගින් ලාභාංශ ගෙවන බව ACL ප්ලාස්ටික්ස් පිඑල්සී සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස නොවැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 08 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ACL ප්ලාස්ටික්ස් පිඑල්සී සමාගම සඳහන් කරයි.

අද දිනයේදී කොළඹකොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ACL ප්ලාස්ටික්ස් පිඑල්සී කොටසක වටිනාකම රුපියල් 323.75ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 338.25ට සාපේක්ෂව රුපියල් 14.50කින් එනම් -4.29%ක පහත වැටීමකි.

ACL ප්ලාස්ටික්ස් පිඑල්සී සමාගම සිය අවසන් ලාභාංශ ගෙවීම ලෙස පසුගිය වසරේ අගෝසුත මාසයේදී කොටසකට රුපියල් 6.00ක් බැගින් ලාභාංශ ගෙවා තිබේ. එය 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එම සමාගම ලබා දුන් අතරමැදි ලාභාංශයක් ලෙස සටහන්ව ඇත.

Visits: 263