LOLC, VONE සහ HAYL දායකත්වයෙන් ASPI 10,000 න් තවත් ඉහළටම

අද (ඔක්තෝබර් 26) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව තැරැව්කාර සමාගම් පවසයි.එහිදී LOLC, වැලිබල් වන් සහ හේලීස් සමූහයන්හි සමාගම් කෙරෙහි ආයෝජන ආකර්ෂණය ඉහළ නැංවී තිබේ.

මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වටිනාකම අඩු වූවද ඒ සඳහා වන ආයෝජක උනන්දුවද එලෙසින්ම පැවැති බවද සඳහන් වෙයි. එසේම ACL කේබල්ස් පීඑල්සී සමාගමෙහි කොටස් වටිනාකම්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස ගත් විය සියලුම නිෂ්පාදන අංශයේ සමාගම්වල කොටස් අගයන් ඉහළ යාමක් වාර්තා කළ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,042.19ත් ඒකක 10,147.69ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,127.04ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 25) දිනයට සාපේක්ෂව ඒකක 80.24ක් එනම් +0.80%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව රේනුකා හොටෙල්ස් පීඑල්සී සහ රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 117ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+30.06), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+25.8), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.4), හේලීස් පීඑල්සී HAYL (+6.73), ඒසීඑල් කේබල්ස් පීඑල්සී ACL (+5.65), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-9.48), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-7.68), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-4.41), වැලිබල් වන් පීඑල්සී VONE (-3.83), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.24) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,659.73ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 25) ‍ට සාපේක්ෂව ඒකක 15.0ක එනම් +0.41%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.72ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 25) වාර්තා කළ රුපියල් බිලියන 6.85 ට  සාපේක්ෂව 2% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.51ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 52.43%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 68.86ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 138.26ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 69.40කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.61 කි. එසේම සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 33.49ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,457ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 37%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,739ක සහ රුපියල් මිලියන 810ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 182