බයිරහා ෆාම්ස් පීඑල්සී රුපියල් 3.00 බැගින් පළමු අතරමැදි ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.00 ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස නොවැම්බර් 03 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්දයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඊයේ (25දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගමේ කොටසක අගය රුපියල් 166.25ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය සිකුරාදා (22දා) පැවැති රුපියල් 162.75ක් වූ කොටසක අගයට සාපේක්ෂව රුපියල් 3.50ක එනම් 2.15෴ක ඉහළ යාමකි.

බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම මේ වසරේ අප්‍රේල් මාසයේදීය ලාභාංශ ගෙවිමක් සිදු කළේය. එය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශය විය. එහිදීද කොටසකට රුපියල් 3.00ක් බැගින් ලාභාංහ ගෙවීම සිදු විය.

Visits: 109