Anods Cocoa සමාගම Puredale Nature’s Crest වෙළෙඳ නාමයෙන් අපනයනයටත් පිවිසෙයි

ජනප්‍රිය පියෝඩේල් කිරිතේ මෙරට වෙළෙඳ පොළ වෙත ඉදිරිපත් කරන Anods Cocoa (පෞද්) සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන රැසක්ද සමගින් අපනයන වෙළෙඳ පොළ වෙත පිවිසීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

Anods Cocoa (පෞද්) සමාගම අද වනවිට ඉහළ මට්ටමේ චොකලට් ආශ්‍රිත නිෂ්පාදන රැසක්ද ඉදිරිපත් කරමින් එම වෙළෙඳ පොළ තුළද ප්‍රමුඛයෙකු බවටද පත්වීමට සමත්ව සිටියි.

ඒ අනුව මෙහිදී Puredale Nature’s Crest වෙළෙඳනාමය යටතේ මෙම අපනයන වෙළෙඳ පොළ වෙත පිවිසීමට සමාගම අදහස් කරගෙන සිටින බව පවසයි. මෙහිදී කීරි සම්බා සහල්, පොල් කිරි පිටි, දිසිදි පොල් මෙන්ම මෙරට වඩාත් ජනප්‍රිය පියෝඩේල් කිරිතේද මෙලෙස අපනයනය කරන බව සඳහන් වෙයි. මීට අමතරව කුළුබඩු වර්ග කිහිපයක්ද මෙම අපනයන නිෂ්පාදන ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

සමාගම පවසන ආකාරයට එක්සත් ජනපදය, ජපානය, දකුණු කොරියාව, මාලදිවයින සහ පාකිස්තානය වෙත මෙම නිෂ්පාදන අපනයනය සැලසුම වී තිබේ. ඒ හරහා මෙරට තුළ ගැටලුවක්ව පවතින විදේශ විනිමය ඉපැයීමේ අර්බුදයට විසඳුමක් විය හැකි බවත් Anods Cocoa සමාගමේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් අර්බුයකට පත්වෙලා තිබෙන අවස්ථාවේදී වගකිවයුතු ව්‍යාපරයක් විදියට අපි අපේ අපනයනයන් විවිධාංගීකරණය කිරීම හරහා ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත පිවිසීමට තීරණය කිරීම හැරවුම් ලක්ෂයක්. අපගේ ඉහළ සුදුසුකම් සහිත පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම ඉදිරියටත් පියෝඩේල් කිරිතේ වැනි නවෝත්පාදන නිෂ්පාදනය කරමින් ගෝලීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් කටයුතු කරනවා.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර සමාගම දැනටමත් ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශීය සමාගම් සමගින් සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ හරහා වසංගතයෙන් පසුව ආර්ථිකය යථාවත්වීමේ කටයුත්ත වෙත දායකවීම අරමුණ බවත් සභාපතිවරයා සඳහන් කර ඇත.

Visits: 226