SAMSUNG තිරසාර ජංගම සන්නිවේදනයන් සඳහා ‘’Galaxy for the Planet’’ හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone සැපයුම්කරු වන සැම්සුන් මෑතකදී Galaxy for the Planet නමින් වැඩසටහනක්  එළිදැක්වූ බව පවසයි.

ප‍්‍රමාණය, නවෝත්පාදනයන් සහ විවෘත සහයෝගීතාවයේ ස්වභාවය අනුව බලගැන්වුනු සැම්සුන් හි ජංගම සන්නිවේදන ව්‍යාපාරය සඳහා වූ තිරසාර වැඩසටහන වන්නේ මෙම Galaxy for the Planet ය. මේ හරහා දේශගුණික අර්බුද සඳහා නිශ්චිත පිළියම් යෙදීමට හැකි වීමද විශේෂත්වයකි.

2025 වන විට සමාගමෙන් සිදුවන පරිසර දුෂණය අවම කිරීම සහ නිෂ්පාදන ක‍්‍රියාවලියේ සිට Galaxy නිෂ්පාදන බැහැර කිරීම දක්වා වූ සම්පත් ක්ෂය වීම අවම කිරීම සඳහා සාක්ෂාත් කරගත යුතු මූලික ඉලක්ක මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කර ඇතැයි සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ ”අනාගත පරම්පරාව වෙනුවෙන් අපගේ ලෝකය ආරක්ෂා කිරීමට නව්‍ය විසඳුම් ලබා දීමේදී සෑම කෙනෙකුටම ඉහළ කාර්යභාරයක් පැවරී ඇතැයි අපි විශ්වාස කරනවා. Galaxy for the Planet වඩාත් තිරසාර ලෝකයක් නිර්මාණය කිරීමේ අපගේ ගමනේ වැදගත් පියවරක් වන අතර, අප කරන සෑම දෙයක් සඳහා අපව මෙහෙය වනු ලබන විවෘතභාවය (openness), විනිවිදභාවය සහ සහයෝගීතාවය සමඟ අප එසේ සිදු කරනවා..’’ යනුවෙන් පවසා සිටියි.

පාරිසරික බලපෑම් අවම කිරීම සහ ලොව පුරා ජනතාවට සහ ඊළඟ පරපුරේ නව නිපැයුම්කරුවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අපගේ නිෂ්පාදනයේ සෑම අදියරකදීම තිරසාර ක‍්‍රමෝපායන් ඒකාබද්ධ කිරීම වැදගත් යැයි සැම්සුන් විශ්වාස කරයි. 2025 වන විට සිය මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සැම්සුන් කටයුතු කරන අතර 2025 න් පසු නව අභියෝගයන්ට මුහුණ දීම සඳහා සිය කැපවීම් වර්ධනය කර ගැනීමට අරමුණු කරයි.

වඩාත් චක‍්‍රීය ආර්ථිකයක් පෝෂණය කිරීම වෙනුවෙන්, සැම්සුන් සිය නිෂ්පාදනයන් උදෙසා නව්‍ය පරිසර හිතකාමී ද්‍රව්‍ය සඳහා ආයෝජනය කරයි. 2025 වන විට සියළුම නව ජංගම නිෂ්පාදන හරහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ද්‍රව්‍ය භාවිතා කිරීමේ අරමුණ ඇතිව, ඒවායේ ශක්තිය, කලාත්මක බව සහ කල්පැවැත්ම සැලකිල්ලට ගනිමින් සැම්සුන් සිය නිෂ්පාදන තුළ විවිධ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතා කරනු ඇත.

2025 වන විට නිෂ්පාදන ඇසුරුම්කරණයෙන් එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සැම්සුන් කටයුතු කරමින් සිටියි. සාම්ප‍්‍රදායිකව device ඇසුරුම් කිරීමේදී භාවිතා කරන අනවශ්‍ය සම්පත් හා ද්‍රව්‍ය අඩු කිරීම, ඉවත් කිරීම සහ නැවත ස්ථාපිත කිරීම සහ පරිසර හිතකාමී විසඳුම් ඇතුළත් කිරීම සැම්සුන් හි අරමුණයි.

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කරන සහ බලශක්ති පරිභෝජනය අඩු කරන පිරිමැසුම්දායී බලශක්ති ක‍්‍රමවේද සඳහා සැම්සුන් ප‍්‍රමුඛත්වය ලබා දෙමින් සිටී. ජංගම දුරකතන කර්මාන්තයේ වඩාත්ම බලශක්ති කාර්යක්ෂමතාවයන් සපයන්නන් අතර සිටින සැම්සුන් ඔවුන්ගේ සියළුම smartphone charger3 සිට වොට් 0.02 දක්වා විද්‍යුත් හා විදුලි උපකරණ ක‍්‍රියා විරහිත කර තිබෙන විට standby mode එකේදී විදුලි බලය පරිභෝජනය කරන ආකාරය සාර්ථකව අඩු කර ඇත. මෙම ප‍්‍රගතිය ඇති කිරීම සඳහා, 2025 වන විට smartphone chargers වල බලශක්ති පරිභෝජනය ශුන්‍යතාව වොට් 0.005 ට වඩා අඩු කිරීමට සැම්සුන් කටයුතු කරනු ඇත.

සැම්සුන් සිය ජංගම වැඩබිම් තුළින් ජනනය වන අපද්‍රව්‍ය අවම කරමින් 2025 වන විට සියළුම අපද්‍රව්‍ය ගොඩබිමෙන් ඉවත් කිරීමට කටයුතු සැලසුම් කරයි. නිෂ්පාදන ජීවන චක‍්‍රය වඩාත් විධිමත් කිරීම, නිෂ්පාදන සැලසුම් ක‍්‍රියාවලිය වැඩි දියුණු කිරීම මෙන්ම Galaxy Upcycling, Certified Re-Newed සහ Trade-In programs වැනි මුලපිරීම් තුළින් ගෝලීය වශයෙන් e-waste අඩු කිරීමට ද සැම්සුන් කටයුතු කරයි.

සැම්සුන් විසින් දේශගුණික අර්බුදයට පිළියම් යෙදීම සඳහා නව ක‍්‍රම සොයා ගන්නා අතර තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ප‍්‍රගතිය වේගවත් කරයි. සමාගම සිය තිරසාර ගමන පුරාවටම විනිවිදභාවයකින් යුක්තව ප‍්‍රගතිය වාර්තා කිරීමට සහ කර්මාන්තයේ සමගාමී මිතුරන් හා හවුල්කරුවන් සමඟ වැඩ කිරීමට කැපවී සිටින බවත් පවසයි.

Visits: 106