බහුදින යාත්‍රා සහ අඩි 50ට වැඩි බෝට්ටු නිෂ්පාදකයින්ගෙන් ගාස්තුවක්, කුඩා බෝට්ටු ගාස්තුවෙන් නිදහස්

මෙරට තුළ බෝට්ටු නිෂ්පාදන සමාගම් මගින් නිපදවන බෝට්ටුවල වර්ගය සහ විශාලත්වය අනුව ගාස්තුවක් අය කරගැනිමට අදහස් කරගෙන සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී කුඩා බෝට්ටු නිෂ්පාදකයන්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකිරීමටද, බහුදින යාත්‍රා නිශ්පාදකයින්ගෙන් යම් බද්දක් අය කර ගැනීමට සහ අඩි 50ට වැඩි දිගින් යුතු බෝට්ටු නිශ්පාදකයින්ගෙන්ද යම් මුදලක් අය කර ගැනීමක් සඳහාද යෝජනා ඉදිරිපත්ව ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මෙරට බෝට්ටු නිෂ්පාදනය කරන සමාගම්වලට ඇති ගැටළු විසදීම සදහා ඒවායේ හිමිකරුවන් සමගින් ඊයේ පැවැත්වුණු සාකච්ඡාවකදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ධීවර බෝට්ටු නිශ්පාදකයන්ට බලපානු ලබන ප්‍රධානතම ගැටළුවක් වන සිය නිෂ්පාදන සදහා අංක ලබා ගැනීමේ ගැටළුව සදහා අමාත්‍යවරයා විසින් වහාම විසදුම් ලබා දෙන ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් බවද අමාත්‍යාංශය පවසයි.

ඒ සදහා ලබන සදුදා (ඔක්තෝම්බර් මස 18) දින වන විට විසඳුමක් ලබා දෙන බවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය විසින් පොරොන්දු වී තිබේ.

තවද ඔවුන්ට බලපාන තවත් ගැටළු වන බෝට්ටු නිශ්පාදනය සදහා අවශ්‍ය වන අමුදුව්‍ය ඉහළ යාම නිසා ඇති වී තිබෙන ගැටළුව සදහාද යම් විසදුමක් ලබා දීමටද බලාපොරොත්තු වන බවද අමාතයවරයා වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව බෝට්ටු නිෂ්පාදකයන්ට තිබෙන්නා වු ගැටළු පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අමාත්‍යවරයා ඒවාට අවශ්‍ය විසදුම් හැකි කඩිනමින් ලබා දෙන බවත් මෙහිදී ප්‍රකාශ කර තිබේ. බෝට්ටු නිශ්පාදන සමාගම් වල නියෝජිතයෝ තමන්ගේ ගැටළු අවබෝධ කර ගෙන විසදුම් ලබා දීම පිළිබදව අමාත්‍යවරයාට ස්තුති කළ බවත් අමාත්‍යාංශය පවසයි.

Visits: 78